(යොහාන් භාසුර)
ඕස්ට්‍රේලියානු ජාතික තරුණියකට ලිංගික අතවර කළේ යැයි චෝදනාව මත ඕස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පොලිස් බාරයෙන් මුදවා ගැනීමට නීතිඥවරුන් සමග කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලේකම් මොහාන් ද සිල්වා මහතා 'ලංකාදීප'යට අද (6) පෙරවරුවේ පැවැසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හැටියට ඔහු වෙනුවෙන් පෙනී සිටීමේ වගකීමක් ඇති බවත් ඒ හේතුවෙන් ඔහු පළමුවෙන්ම පොලිස් භාරයෙන් මුදවා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේය.
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටියදී ආබාධයට ලක්ව ඕස්ට්‍රේලියාවේ රැඳී සිටී ධනුෂ්ක ගුණතිලක රාත්‍රී සමාජ ශාලාවකදී හඳුනාගත් තරුණියක් සමග ඇයගේ නිවසට ගොස් ඇති බවත් ඔහු එහිදී තරුණිය සමඟ ගතකර නැවත පිටව ගොස් ඇති බවත් පැවසේ.
ඔහු පසුව ඇයගේ දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඇය සිඩ්නි පොලිසියට ධනුෂ්ක ඇයව දූෂණය කළ බවට පැමිණිලි කර ඇති බවත් ඒ අනුව සිඩ්නි පොලිසිය ඊයේ (5) රාත්‍රී ඔහුව අත්අඩංගුවට ගත් බවත් ඕස්ට්‍රේලියාවේ ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් සඳහන් වේ.
සිඩ්නි පොලිසිය මේ වන විට ධනුෂ්කගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බවත් අදාල තරුණියගෙන් ද ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවත් ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියකු සඳහන් කළේය.
එම කටයුතු වලින් පසුව ධනුෂ්ක ගුණතිලක අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
ධනුෂ්ක ගුණතිලකට මීට පෙර ද සංචාරයක් අතරතුරදී ශ්‍රී ලංකාවේදී මෙවැනිම චෝදනාවක් එල්ල වූ අතර එම චෝදනාවට ඔහු මාස කිහිපයක තහනමකට ලක්විය.
ධනුෂ්ක ගුණතිලක මීට පෙරද විනය චෝදනා රැසක් එල්ල වූ ක්‍රීඩකයෙකි.
-------------------------------------------------------
7.24
20 විස්ස ලෝක කුසලානය සහා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු සිඩ්නි පොලිසිය අත් අඩංගුවට ගෙන ඇතැයි වන්ඉන්දියා වෙබ් අඩවිය පවසයි.
ලෝක කුසලානයට සහභාගී වී සිටි මෙම ක්‍රීඩකයා අබාධයක් හේතුවෙන් ලෝක කුසලාන කණ්ඩායමෙන් ඉවත් වූවත් දිගටම සංචිතයේ රැඳී සිටියේය.
කාන්තාවක් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ලිංගික චෝදනාවක් සිදු කිරීම හේතුවෙන් ඔහුව අත් අඩංගුවට ගැනීමට සිදු වූ බව ඕස්ට්‍රේලියානු පොලිසිය ප්‍රකාශ කර ඇත.
අත්අඩංගුවට ගත් ක්‍රීඩකයා නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත ශ්‍රී ලංකාවට පැමිණි බව වන්ඉන්දියා වෙබ් අඩවිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ට ඕන වැඩේ කරගන්න බැරි උනාමත් ගැහැනු අනික් අතට ඔය චෝදනාව කරනවා.
මේ මනුස්සයගෙ මීට පෙරත් බරපතළ විනය ප්‍රශ්න තිබ්බ සහ දඬුවම් කළා. ඒත් හැදිලා නෑ කියන්නේ ලයිෆ් ටයිම් අයින් කරලා දාන්න ඕනි. රටේ නම ගෞරවය විනාශකරන කාළකන්නියෙක්. ඔස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවේ මිනිස්සුන්ගේ කීර්තියටත් මේක ප්‍රශ්නයක්. දැඩි දඬුවම් දීලා වත් කළ යුතුයි.
ඔහේ මකබෑවිලා ගියාදෙන්. ගිය තැන රටට නින්දාවක්.
මෙයා විතරක් නෙමෙයි අනිත් අයත් තරගාවලිය අතරතුරදී පාන්දර යාමේ වෙනකම් පාටිවල ජොලි දැම්මා කියලා ආරංචියි. ගිය වැඩේ හැර අනික් හැම වැඩේම එහෙදි කරලා වගේ.
ගියවැඩේ හරියටම, හොඳටම කරලා...
OIC ට ගතමනාවක් දෙන්න බැලුවේ නැද්ද?
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අවුලක් නැතිවුණාට පිටරටවල විෂයක් හා නීතියක් තියෙනවා...
ආබාධ වුණු ක්‍රීඩකයා එහි රඳවා ගැනීම වරදක් නොවන්නේද?
ලංකාවෙ වගේ පොලිසිය අල්ලගෙන බේරෙන්න බැරිවෙයි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔක්කොම දන්නවා වගේ. ෆෝන් ඒකට ආන්සර් කළේ නැති හින්දා කම්ප්ලේන් කරලලු. අර වොඩ්කා බෝතලේ වතුර දාලා වගේ කතා කියන්න කවදද ශ්‍රී ලංකා ක්‍රිකට් ඒකත් පුරුදු වුණේ. බොරු බයිලා ඒපා. අපට රට වෙනුවෙන් මේ වගේ ක්‍රීඩකයෝ අවශ්‍ය නැහැ. පැරදුනත් විනය විරෝධී වැඩ කරන උන් දාලා රට ලැජ්ජාවටපත් කරනවට වැඩිය වටිනව වැදගත් අය දාලා පරදින ඒක.
Let this STUD BULL stay in Australian jail for life.
ගුනතිලකෙ තියාගත්තෙ ඔය 'න'යන්න නැතුවම, නලලෙම.
ක්‍රිකට් ගහන්න ගිය මිනිහා බ… ගහන්න ගිහින් වැඩේ වරද්දගත්තවත්ද ?
මූ හිතන්න ඇති 4 පාරක් ගහල මේ පාරත් ලෙස්සල එන්න.