IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ධනවතුන්ට මත්ද්‍රව්‍ය සැපයූ ජාවරම්කරුවෙක් අල්ලයි

(ගයාන් සූරිය ආරච්චි , බිමල් ශ්‍යාම සහ එච් එම් ධර්මපාල )

වැල්ලවත්ත සුපිරි මහල් නිවාස සංකීර්ණයක රැදි සිටින සුපිරි ධනවතුන්ගේ පරිහරණය සදහා කොකේන් හා කූෂ් මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් ජාවාරම් කළ ජාවාරම්කරු ඇතුළු දෙදෙනෙක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් ඊයේ (14) අත්අඩංගුවට ගනු ලැබූහ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 6 කට අධික කොකේන් ග්‍රෑම් 40 ක් සහ හා කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 206 ක් ද එම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන තිබු රුපියල් දහ අට ලක්ෂ හැත්ත පන්දහසක මුදලක් ද ක මුදලක්ද, වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බලකායේ නිලධාරීන් භාරයට ගෙන ඇත.

දැනට බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන අතර අත්අඩංගුවට ගත් ඡාවාරම්කරු දිවයිනපුරා පිහිටි සුප්‍රසිද්ධ රාත්‍රි සමාජශාලා සදහා මෙන්ම ඉහළ පෙලේ රැකියාවන් කරන ධනවතුන්ට සහ පෞද්ගලික විශ්ව විද්‍යාලවල උසස් අධ්‍යාපනය ලබන සුපිරි ධනවතුන්ගේ දරුවන් ඉලක්ක කර ඉතා රහසිගතව හා සුක්ෂමව මත්ද්‍රව්‍ය බෙදා හැර ඇති බව වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය පවසයි.



අදහස් (1)

ධනවතුන්ට මත්ද්‍රව්‍ය සැපයූ ජාවරම්කරුවෙක් අල්ලයි

Lalla Sunday, 15 December 2024 09:21 AM

කොච්චර ඇල්ලුවත් සිංගප්පූරුව දෙන දඬුවම ක්‍රියාත්මක වන තෙක් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව කටයුතුවලින් ගොඩ එන්න අමාරුයි. ප්‍රශ්නය බොරුවට කුඩු චෝදනා ගොනුකර නඩු පටලවනව කියල පොලිසියට එල්ල වන චෝදනාව...අනික මහාපරිමාණ මත්ද්‍රව්‍ය තොග හිමිකරුවන් තාම නිරාවරණය කර ගැනීමට බැරිවුන එක...අහුවෙන්නේ මෝඩ බෝට්ටුකරුවෝ..

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත


බුලත්සිංහල බලය විපක්ෂ කණ්ඩායම් දිනා ගනිති
2025 මැයි මස 07 94 0

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ බලය විපක්ෂ කණ්ඩායම්වලට හිමි විය.






මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 863 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 218 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1267 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site