(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා පාර්ලිමේන්තුවට අද අද දැනුම් දුන්නේය.

මේ අනුව කෙටුම්පත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක අනුමැතිය අවශ්‍ය බවත් 17 වෙනි වගන්තිය සඳහා ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත

දූෂණ විරෝධී  පනතේ  ගැටළු කිහිපයක් නිරාකරණය කිරීමට මෙම දූෂණ විරෝධී සංශෝධන පනත්  කෙටුම්පත  ඉදිරිපත් කරනු ලැබීය.

පනත් කෙටුම්පතට සමාජයේ විවිධ පාර්ශව විරෝධය මතු කරමින් සිටිති.