
(නිශාන්ත කුමාර)
වයස අවුරුදු දාහතරක පිරිමි දරුවකු ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන වයස අවුරුදු 52 ක පුද්ගලයෙකු මාර්තු මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද (21) නියෝග කළේය.
සැකකරු මානසික වෛද්‍යවරයෙකු වෙත යොමුකර එදිනට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත්කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
කරදගහමඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 ක පුද්ගලයෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
දරුවාගේ දෙමාපියන් විසින් තම දරුවාට සැකකරු ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බවට කන්දකැටිය පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන මෙලෙස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත්කර තිබිණි.
අපයෝජනයට ලක්වූ බව කියන දරුවා වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල් ගත කර ඇත. කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd