IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දොස්තරලාට දෙවන වරටත් කොළඹ ඉඩමක් බදු දෙයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයට බදු දී ඇති රාජගිරියේ පිහිටි ඉඩම අවුරුදු 50 ක කාලසීමාවකට නැවත බදු දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

1999-05-13 දින සිට ක්‍රියාත්මක වන පරිදි, නාගරික සංවර්ධන අධිකාරිය සතු රාජගිරියේ වැලිකඩ පිහිටි පර්චස් 30ක ඉඩම් කොටසක් පර්යේෂණ කටයුතු සඳහා ගොඩනැගිල්ලක් ඉදි කිරීම පිණිස සහනදායී බදු පදනම මත අවුරුදු 30 ක කාල සීමාවකට ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයට ලබා දී ඇත.

 එම ඉඩමේ ඉදි කර ඇති ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල මේ වන විට අලුත්වැඩියා කළ යුතුව පැවතීමත් ඒ සඳහා සැලකිය යුතු මූල්‍ය ආයෝජනයක් සිදු කළ යුතු වීමත් යන කරුණු සැලකිල්ලට ගෙන, අදාළ ඉඩම දීර්ඝ කාල සීමාවකට නැවත බදු පදනම මත ලබා දෙන ලෙසට එම ආයතනය විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

 ඒ අනුව, රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් තීරණය කරනු ලබන වාර්ෂික බදු කුලියක් අය කර ගැනීමේ පදනම මත වසර 50 ක කාලසීමාවක් සඳහා අදාළ ඉඩම් කොටස ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම පිණිස වැඩබලන නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළේය.



අදහස් (0)

දොස්තරලාට දෙවන වරටත් කොළඹ ඉඩමක් බදු දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 536 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site