(මනෝප්‍රිය ගුණසේකර)
කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් සිව්දෙනෙකුගේ වැටුප් වංචා කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් කළමනාකාර සහකාරවරයාට වසර 06 ක සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණය විනිසුරු අමල් රණරාජා මහතා රුපියල් එක්කෝටී හැටහය දහසකට අධික දඩයක්ද අද ඔහුට පැනවීය.
නියම කළ රුපියල් එක්කෝටී හැටහය දහසකට අධික දඩ මුදල ගෙවීමට නෙනාහැකි බව විත්තිකරු දැනුම්දීම නිසා අමතර වසර 04ක ලිහිල් වැඩ සහිත සිර දඩුවමක්ද පැනවීය.
මීට වසර 19කට පෙර සිදුකළ මෙම වරද සම්බන්ධ නඩු විභාගය අතරතුර විත්තිකරු චෝදනාවට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කොළඹ ජාතික රෝහලේ වැටුප් අංශයේ සහකාර කළමනාකරුවකු ලෙස කටයුතු කළ එන්” ක්‍රිශාන්ත ප්‍රනාන්දු නමැත්තාටය
2003 වසරේදී කොළඹ ජාතික රෝහලේ වැටුප් අංශයේ සහකාර කළමනාකරුවකු ලෙස කටයුතු කරමින් සිටියදී කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් සිව්දෙනෙකුගේ වැටුප් වශයෙන් ගෙවිය යුතු මුදලින් රුපියල් ලක්‍ෂ 33 1/2කට අධික මුදලක් වංචා කළ බවට නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණී

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිලිකා රෝහලේ වෛද්‍ය වරයෙක් බොරු කොන්දෙ අමාරුවකට අවුරුදු 5ක් නිවාඩු අරං හොදට පෞද්ගලික සමාගමක් දාගෙන වැඩ කරනවා. අවුරුදු 5ම පඩි අරං, සේවාවෙ වරප්‍රසාද ඔක්කොම අරං... වහාම පරීක්ෂණයක් පවත්වන්න... තව වෛද්‍යවරයෙකුට එන්න අවස්තාවකුත් නැ.. අසරණ පිලිකා රෝගීන් ලක්ෂ ගාණක් අමාරුවෙ. ආරංචි සෝලා කම්පැණියක් දාගෙන කියලා. හොයලා බලලා දඩුවම් නියම කරන්න.. පිලිකා රෝගියෝ දාස් ගාණකගෙ ලේ ඒ මිනිහගෙ අතෙ..
සෞඛ්‍ය සේවයට වංචා කරන අයට කිසිම සමාවක් දෙන්න එපා. ඔවුන්ට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක කරන්න.