
(ඩබ්ලිව්.ඒ. අසේල)
මහනුවර රන්දෙණිගල රජ මාවතේ ගුරුදෙණිය ප්‍රදේශයේදී අද (22) මහනුවර මහ රෝහලේ වෛද්‍යවරයෙකු පැදවූ කාර් රථයක් යතුරුපැදියක හා ත්‍රි රෝද රථයක ගැටීමෙන් සිදුවූ මාරක අනතුරකින් යතුරුපැදිකරු මියගොස් ඇති අතර යතුරු පැදියේ පසුපස ගමන්ගත් කාන්තාවක හා ත්‍රි රෝද රථයේ ගමන්ගත් මව පියා හා මාස හතරක් වයසැති බිළිදුන් දෙදෙනෙකු තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇති බව තලාතුඔය පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලැබූ බිළිදුන් දෙදෙනා මාස හතරක් වයසැති නිවුන් සහෝදරයින් දෙදෙනෙකු වේ. මොවුන් වත්තගෙම සිට හගුරන්කෙත ප්‍රදේශයේ තම බිරියගේ නිවසට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ කොළඹිස්ස නවනැලිය ප්‍රදේශයේ පදිංචි ප්‍රසාද් මධුෂංක ගුණසිංහ (20) නැමැති ඇගලුම් සේවකයෙකි. ඔහු සමග පසුපස ගමන් ගත් කාන්තාව ද ඇගලුම් කම්හලක සේවයේ නියුතු අය බව පොලිසිය කියයි.
මිය ගිය අයගේ මෘත ශරීරය මහනුවර මහරෝහලේ මෘත ශරීරාගාරයේ ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (23) දින සිදුකිරීමට නියමිතය.
කාර් රථය පැදවූ වෛද්‍යවරයා මහනුවර මයිලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුද තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය කියයි.
තලාතුඔය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝකිල ආරියදාස මහතාගේ උපදෙස් මත තලාතුඔය පොලීසියේ නිලධාරිහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තර චැනල් සේවයට රොකට් වේගයෙන් ගිහින් සිදුකල අනතුරක් තමයි මේ. දොස්තර බැජ් එක වීදුරුවේ ගහ ගෙන අධික වේගයෙන් පියාබන්න හදන දොස්තරලා ඕනා තරම් මහපාරේ දැකිය හැකියි.
යතුරු පැදිය අධික වේගයෙන් ධාවනය කර ඇත වයසේ වැරැද්ද දොස්තර ආසන පටි පැළඳ සිට නැත.
වෛද්‍යවරයාට නමක් නැද්ද?
බද්රානි... හැමෝම මිනිස්සු. ඒ මිනිස්සු අතර මනුස්ස ගති, දේව ගති, යක්ෂ ගති, පෙරේත ගති වගේම තිරිසන් ගති තියෙන අයත් ඉන්නවා. ඒ ඒ ගති පිහිටන්නේ රැකියාව අනුව නොවෙයි. එක්කෝ සසර පුරුදු (ජන්ම ගති) නැත්නම් පරිසරයෙන් ලබා ගත් ආභාෂය හේතුවෙන්. ඒක නිසා දැක්කා වගේ, සියල්ල දන්නවා වගේ බොරු ගොතලා සමාජයට අසත්‍යය වපුරන්න එපා. ඔබ සමාජයට වෛර කරන්නෙක් විය හැකියි. එහෙත් සමාජයට වෛරය වැපිරීමට ඉඩදිය නොහැකියි. මනුස්සයෙක් වුණත්, දෙවියෙක් වුණත්, යක්ෂයෙක් වුණත්, තිරිසනෙක් වුණත් ඒ ඒ අයට ආවේණික ආත්මයක් තියෙනවා. එයට ගැරැහීමෙන් වළකින්න. වැදගත් බුද්ධිමත් මිනිසුන් කටට ආ පලියට බොරු වපුරා සමාජය දූෂණය කරන්නේ නැත. සමාජය දූෂණය වීමට එක් ආකාරයකින් මෙවැනි බොරු ගොතා සමාජයට මුදාහැරීමද බලපාන බව ධාරණය කර ගන්න....
දොස්තර කවුද කියලා හඳුනාගැනීම වළක්වන්න රියේ අංක තහඩුව ගලවලා. යතුරුපැදිකරුගේ නම කියන්න පුළුවන් නම් දොස්තරගේ නමත් කියන්න... ලොක්කන්ට ඔක්කොම යටයි..
බද්‍රානිට දොස්තරලත් එක්ක පුදුම ඇරියස් එකක් තියෙන පාටයි.. බලාගෙන හිටියා වගේ කියන හැටි නේද..?