(ඩයනා උදයංගනී)

දිස්ත්‍රික්ක හතක තවදුරටත් නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි මෙම නායයෑමේ අවදානම පවතින බව එම සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසීය. වැසි සහිත කාලගුණ තත්වය තවමත් පැවතීම හේතුවෙන් මෙම අවදානම පවතින බව ද ඔහු සඳහන් කළේය.

එම දිස්ත්‍රික්කයන්හි කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බව ඔහු සඳහන් කළේය.