
(අංජුල මහික වීරරත්න)
අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වල උසස් පෙළ විශිෂ්ටයන් 360 දෙනකුට මූල්‍ය ශිෂ්‍යත්ව සහ සහතික පත් ප්‍රදානය කිරීමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇත.
ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදි දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ නැගෙනහිර පළාත් වැඩසටහන යටතේ මේ ඇගැයීම සිදුකෙරෙයි.
ඒ අනුව මඩකලපුව, ස්වාමි විපුලානන්ද සෞන්දර්ය පීඨයේදී හෙට (27) පෙරවරු 9.00ට මෙම ඇගැයීමේ උත්සවය පැවැත්වේ.
2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී සෑම විෂය ධාරාවකින්ම විශිෂ්ටතා දැක් වූ සිසුන් එක් දිස්ත්‍රික්කයකින් 60 දෙනකු බැගින් තෝරා ගෙන ඔවුන්ට මූල්‍ය ශිෂ්‍යත්ව සහ සහතික පත් ප්‍රදානය කිරීම මෙම වැඩසටහන යටතේ සිදු කෙරේ.
පළාත් අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන පසුගියදා උතුරු පළාතෙන් ආරම්භ කෙරුණු අතර, එහි පළමු වැඩසටහන කිළිනොච්චියේදීත්, දෙවන වැඩසටහන දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් මාතර දිස්ත්‍රික්කයේත් ක්‍රියාත්මක කෙරිණි.
නැගෙනහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් හෙට පැවැත්වෙන්නේ එහි තුන්වන වැඩ සටහනයි.
මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස කතානායක ජගත් වික්‍රමරත්න මහතා සහභාගී වීමට නියමිතය.
ඉදිරියේදී අනෙකුත් පළාත් වලද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල කටයුතු සූදානම් කරමින් සිටී.
2025 නොවැම්බර් මස 04
310
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2128
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1617
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දිස්ත්‍රික්ක තුනක උසස් පෙළ හපනුන්ට ශිෂ්‍යත්ව
Jayarathna Saturday, 26 July 2025 08:01 PM
ගම්වල පාසල්වලින් ශිෂ්‍යත්වය සමත්ව නගරවල ලොකු පාසල්වල ඉගෙන ගන්න දිළිඳු දරුවොත් ඔය කියන කාණ්ඩයේ ඉන්න බව බලධාරීන්ට මතක් කරන්න කැමතියි.