IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දිස්ත්‍රික්ක 12ක කිරි ගොවිපොළ ගොඩනගන්න යයි

(අංජුල මහික වීරරත්න)

කිරි ගොවීන් සංවිධානගත කර බලගැන්වීම මඟින් ඔවුන්ගේ නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නැංවීම් සහ කිරි අගය දාමය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ලෝක බැංකුව විසින් මූල්‍යනය කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කෘෂිකර්ම අංශය දියුණු කිරීම සඳහා වෙන් කර ඇති ඇමෙරිකා ඩොලර් මිලියන 10 ක අරමුදල් උපයෝජනය කරමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශය විසින් "කිරි ගොවිපොළ ඵලදායිතාව ඉහළ නංවා කිරි අගයදාම සංවර්ධනය කිරීමේ" ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත. 

ඒ සඳහා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලැබී තිබේ. කිරි නිෂ්පාදනය සඳහා විභවතාවයක් පවතින අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම, මාතලේ, මහනුවර, නුවරඑළිය, ගම්පහ, අම්පාර, බදුල්ල, ගාල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක 12 ක යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව, එම දිස්ත්‍රික්ක වල කිරි ගොවිපොළ ඵලදායිතාව ඉහළ නංවා කිරි අගයදාම සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම සහ වාරිමාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

දිස්ත්‍රික්ක 12ක කිරි ගොවිපොළ ගොඩනගන්න යයි

රුවන් Tuesday, 27 May 2025 06:52 PM

අලුත් ආණ්ඩුව හින්දා දැන් දියර කිරි ඉක්මනින් විකිණිලා ඉවරයි. පිටිකිරි ගන්න එක අඩුවෙලා...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site