(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මෙරට වෛද්‍යවරයකු බිහි කිරීමට රජය රුපියල් හතළිස් ලක්ෂ අනූ දෙදහස් නවසිය පහළොවක්ද ( 40092915) ඉංජිනේරුවරයකු බිහිකිරීමට රුපියල් විසි එක් ලක්ෂ පන් දහස් දෙසිය විස්සක්ද ( 2105220)වැය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද ( 7 ) හෙළි කළේය.
මේ අනුව වෛද්‍යවරයකු නිර්මාණය කිරීමට මාසයකට වැය කරන මුදල රුපියල් 68000 කට වැඩි බවත් මේ තත්වය සැලකිල්ලට ගෙන විදේශයන්ට යෑමට පෙර රට ගැන සිතන ලෙස වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ගෙන් ඉල්ලීමක් කරන බවත් සියඹලාපිටිය මහතා කීවේය.
රට හැර යාමට පෙර වෛද්‍යවරුන් තමන්ට නිදහස් අධ්‍යාපනය දීමට මහජනතාව කළ කැප කිරීම සිහිපත් කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
වර්තමාන රජය සේම පැවති සෑම රජයක්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ධනය වෙනුවෙන් ප්‍රමාණවත් පියවර ගෙන ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.සියඹලාපිටිය මහතා මෙසේ පැවසුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඉතින් මහගාණක්යැ...? ඔයාලා එක ඩීල් එකෙන් ඔයිටත් වඩා හොයන්නේ? ඒවා ගැන කතා කරන්නේ නැද්ද?
තත්වයෙන් බාල ඖෂධ, උපකරණ භාවිතා කරලා, විත්තියට කලු පැල්ලමක් හෝ බලපත්‍රය අහෝසි කරගත්තාම... එතකොට මොකද වෙන්නේ..? ඉංජිනේරුවෙක්නම් තම වෘත්තිය සුදුසුකම් අහෝසි කරගත්තාම...? රටේ සල්ලි පිල්ලි ගහන අට පාස් නැති එවුන්ද දන්නේ නැහැ... ඔය වියදමටම ගණනය කරලා බලන්නකෝ...!
අපි මෙහෙමත් ගණන් හදමු.., 10000ක් ගන්න කෙනෙක් සෘජු බදු 6% 6000.. වක්‍ර බදු දළ වශයෙන් 20% රුපියල් 20000. එතකොට මාසෙකට රුපියල් 26000ක් බදු... අවුරුදු 35ක් වැඩ කළොත් රුපියල් 10,920,000ක් බදුගෙවලා. මෙච්චර කල් රට කාපු ඇමැති කෙනෙක්ගේ අවුරුදු 5ක නඩත්තුවක් දැම්මා නම් තමයි හොඳ...
ඉතින් ඔච්චර වියදම් කරලා බිහිකරන වෛද්‍යවරුන්ගේ සේවය අවතක්සේරු කරලා ඔයගොල්ලෝමනේ පිටරට ආරෝග්‍යශාලාවලට ප්‍රතිකාර ගන්න යන්නේ...
ඔව් දැන් දොස්තරලා, ඉංජිනේරුවන් රට දාලා යන හින්දයි රටට කෙල වෙලා තියෙන්නේ... මේ විදියට හැම ක්ශේත්‍රයකම වෘත්තිකයින් බිහිකරන්න යන වියදම්, එක වසරේ ඉඳලා ඉස්කෝලෙන් පිට වෙනකන් දරන වියදම් ඔක්කෝම කියන්න. රට දාලා යන අනික් අයගෙත් රටට ණයගැති බව බලාගන්න. පට්ට ලොජික්...!
යන්න කලින් ඕක සිහිපත් කරලා යන්නම්. ලොකු වැඩක් නෙවෙයි නේ ඒක...
දොස්තරලා ඉංජිනේරුවන්ව දේශපාලුවෝයි, ඊට හපන් පරිපාලන සේවයේ එවුනුයි යටතේ තියාගෙන ඉඳිද්දී ඔවුන් යනවා තමයි...
අධ්‍යාපන මුදලට තක්සේරු කරන ආණ්ඩුවකින් තවත් මොනවද බලාපොරොත්තු වෙන්නේ? රට අතහැර යන එකම තමා වටින්නේ. මේ අය ඉන්නකම් රට අගාධයකට...
ඔබලා වැනි දේශපාලුවන් නඩත්තු කරන්න ඔය වගේ දහස් ගුණයක් අපි ගෙවලා තියෙනවා. ඒකයි මේ රටට මෙහෙම වුණේ..!
පිංබත් ගිල ගිල රටේ මහජන මුදල් හොරා කන වැඩකට නැති අමන දේශපාලුවෙක් නඩත්තු කරන්න වසරකට යන ගාන හදලා කියන්න බලන්න.
තමන් ගේ මාලු තමං කන මිනිස්සු මහ ලොකු බුද්ධිමත්තු...
ලෝකයේ සංවර්ධිත රටවල් වන ඇමරිකාවෙත් එංගලන්තේවත් දොස්තරලාට ඉංජිනේරුවන්ට නොමිලේ උගන්වන්නේ නැහැ. බංකොළොත් භාවයේ අඩියටම වැටිලා ඉන්න අපට මේක කොහොමත් දරාගන්න බැහැ. ලංකාවේ සරසවිවලින් පිටවන දොස්තර ප්‍රමාණය කොහොමත් ප්‍රමාණවත් නැහැ. සරසවි වලින් පිටවන ප්‍රමාණය තුන්ගුණයකින්වත් වැඩි කරගන්න අවශ්‍ය වෙනවා. කරුණාකර දොස්තරලාට උගන්වන්න යන මුදල ඔවුන්ගෙන් අයකර ගන්න. දුප්පත් සිසුන්ට අඩු පොලියට ණයක් ලෙස දෙන්න. මෙම මුදල ගෙවනතෙක් ඔවුන්ට අධ්‍යාපනයෙන් පසු රජයේ අනුමැතියක් නොමැතිව විදේශ ගතවෙන්න බැරි විදිහට නීති පනවන්න.
ඉතා විශාල ආදායම් ලබන දොස්තරලාට සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට බදු ගෙවන්න බැහැලු. විපක්ෂ නායකත් ඔවුන්ට කඩේ යනවා. මේ මොන මළ විකාරයක්ද? බදු ගෙවන්න ඕනේ දුප්පත් අපිද?
ඉතුරුවෙලා ඉන්න ඉන්ජිනේරුවන්ට, දොස්තරලාට වැඩකරන්න දීලා අනෙක් රොත්ත, බුරුත්ත අයින් වෙලා ගියානම් මේ ප්‍රශ්නෙ විසඳෙනවා. මේ රටේ වැඩක් කරන්න දෙන්නේ කාටද?
ඒක නම් ඇත්ත. මෙහෙන් නොමිලේම ඉගෙනගෙන සුද්දන්ට බෙහෙත් දෙන්න යනවා ලංකාවේ මිනිස්සු අමතක කර.
පැනගෙන ගියාට දණින් වැටීලයි ඉන්න වෙන්නේ, කලුසුදු භේදය ඉහවහ ගිය රටවල්, පසුගිය වසරේ ලංඩන්වල පමණක් දරුවන් 28 ක් ඝාතනය කළා, ඒ අතර ලාංකික අහිංසක දරුවෙකුත්, අපහාස හිංසා නිසා දරුවන් ඉස්කෝලේ යන්න බෑ කියලා හඬා වැටෙනවා. දානයකට වැඩිපුර බඩු ටිකක් ගත්තත් කුටු කුටු ගාලා දොඩනවා. ඔවුන්ට ජීවත් වෙන්න බැරි තත්වයක් උදාවෙලා කියනවා. නොයෙක් විදියට අපහාස කරන්න හරීම දක්ෂයි. ඒ රටවල දික්කසාද 40%, ලංකාවේ1.5%... බටහිර අපේ හුඟක් පවුල් සීසී කඩ, සෝම හිමි දේශන ප්‍රකාශය 100%ක සත්‍යයි. ලාංකික ළමයිනුත් එම රටවල ක්‍රමයටයි වැඩ...,12න් පටන් ගන්නේ...!
ඔබලා රට ගැන හොඳින් හිතුවා නම් මගේ රටට මෙහෙම වෙන්නේ නෑ දේශපාලකයිනි...,
ඇයි මේ දේශපාලකයෝ, ඉංජිනේරුවෝ, ඩොකෝටර්ලා ගැන කතා කරන්නේ...? දේශපාලකයින් සහ අනෙකුත් දූෂිත රාජ්‍ය නිලධාරීන් විසින් කන අතිවිශාල මුදල් ගැන කුමක් කිව හැකිද? එය ඔවුන් විසින් වංචා කරන ලද විශාල මුදලක් වනු ඇත. දැන් මෝඩ තර්ක හදනවා.
කාලකන්නි දූෂිත දේශපාලුවෝ නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා, හොඳට තිබුණු රටක්... හිඟාකන තත්වයකට පත්කරලා, බයිලා ගහනවා...