
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුට ගත් සැකකරු සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙසේද පැවසීය
වෛද්‍යවරිය අපයෝජනය කිරීමේ සිද්ධිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් පහක් යොදවලා තිබුණා. මීට ස්වල්ප මොහොතකට පෙර සැකකරු ගල් නෑවේදී අත්අඩංගුවට අරගෙන තියෙනවා. අපි ඊයේ දිනයේ පොරොන්දු වුණා. ඔහු නීතිය ඉදිරියට කැඳවා අවශ්‍ය කටයුතු කිරීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකාගේ දුක සැප බලන්නත් කට්ටියක් ඉන්නවා.
මේ රටේ පුරවැසියෙක් විදිහට, මේ කුප්‍රකට ජිඑම්ඕ එකේ සාමාජිකයන් වන ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට විසා ප්‍රදානය කිරීම හෝ පීආර් ඇතුළු ලබා නොදෙන ලෙස මේ රටේ සියලුම තානාපතිවරුන්ට මම අභියාචනා ලිපියක් ලියනවා. මගේ පැමිණිල්ලට සහාය දැක්වීමට හේතු ලැයිස්තුවක් මා සතුව තිබෙනවා. මම ඒක කරන්නම්.
ඇමැති තුමනි, වැඩිය දෙයක් කරන්න ඕනේ නෑ. එක ඉන්ජෙක්ෂන් එකකින් පණ නැති කරන්න ඕනේ.
කරනදේ කියලා නැහැනේ. මූණ දැක්කාම තේරෙනවා මහා නසරාණියෙක් කියලා.
මේ මනුස්සයව පුනුරුත්තාපනය කරලා හොර ආචාර්ය උපාදියක් හදලා දීලා මාලිමාවේ සාමාජිකත්වය දුන්නා නම් හරි. කට්ටිය එක මිටට සමාජය උඩින්ම තියයි.
රජ කාලේ නීති ක්‍රියාත්මක කළ යුතුයි. නැතිනම් මේ වගේ ඉවරයක් වෙන්නේ නෑ කවදාවත්...
මාසයක් දෙකක් රිමාන්ඩ්... ඊට පස්සේ ඇප අවුරුදු 20කින් විතර තමයි දඬුවම හම්බ්වෙන්නේ...!