
(සුජිත් හේවාජුලිගේ )
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප්) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා) ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහා පසුගිය කාලයේදී ඉදිරිපත් කර ඇති නිර්දේශ 2,000කට වැනි සංඛ්‍යාවක් හමස් පෙට්ටියට ගොස් ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
මෙම කමිටු පවත්වාගෙන යෑම සඳහා වාර්ෂිකව රුපියල් කෝටි දෙසීයකට ආසන්න මුදලක් වැයවන බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තු කමිටුවල නිර්දේශ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීමට බලතල ලැබෙන නීතිමය යාන්ත්‍රණයක්(පාර්ලිමේන්තුව හරහා) සකස් කිරීම කාලෝචිත මෙන්ම ඉතා වැදගත් බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අදාළ ආයතන ප්‍රධානීන් එම රැස්වීම්වලදී පොරොන්දුවී ඇතත් ඒවා කිසිවක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව මෑතකදී කළ සොයා බැලීම්වලදී පෙනී ගියේ යැයිද හෙතෙම සඳහන් කළේය.
මේ අතර ඇතැම් දූෂිත රාජ්‍ය නිලධාරින් කෝප්,කෝපා ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා මග හරින තත්වයක් පෙනෙන්නට ඇතැයිද මෙසේ මඟහරින නිලධාරීන් සම්බන්ධයෙන්ද දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීම ඉතා වැදගත් බවත් පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
පාර්ලිමේන්තු කමිටුව නිර්දේශ ක්‍රියාත්මක කර නොමැති ආයතන අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය, වනජීවී දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතනද වෙතියි එම නිලධාරීහු සඳහන් කරති.
මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ඇතැම් ආයතනවලට කීප වරක්ම සිහිකැඳවීම් කර ඇතත් ඒවා මෙතෙක් ඉටුවී නැතැයිද දැනගන්නට ඇත.
පාර්ලිමේන්තු කමිටුවල නිර්දේශ හොඳින් ක්‍රියාත්මක වන්නේ නම් රටේ ප්‍රධාන ආයතනවල වංචා දූෂණ හා අක්‍රමිකතා සැලකිය යුතු ප්‍රමාණයෙන් අඩු කර ගැනීමට හැකි වනවා පමණක් නොව විශාල බදු ආදායමක්ද රජයට අය කර කරගැනීමට හැකිවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම්කර ඇති සියලුම ආයතන අධික ලෙස දූෂණ චෝදනා ඇති ආයතන නේද? කියන කියන දේවල් ‘‘කල්ල මරේ‘‘ බැරි වෙනවා.
මෙම කරුණු අනිවාර්යයෙන් පරිගණක කරණය කරන්න...
රාජ්‍ය ආයතන බොහෝමයක් වංචා, දූෂණ වලින් ගහන බැව් පැහැදිලිව ඇතත්... ඒවා නිවැරදි කිරීමට පාලකයින් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනීමට උනන්දු නොවන්නේ අදාල බලධාරීන්ද ඒවාට සම්බන්ධ නිසා යයි සිතන්නට සිදුවේ. මෙය ඉතා අවාසනාවන්ත තත්වයකි. වංචා, දූෂණ නැතිකිරීමට පොරොන්දුදී බලයට පත්වන කිසිවෙක් ඒ පොරොන්දු ඉටු නොකිරීමට හේතුව කවරේද?
එසේනම් මේ කමිටුවලට වැයකරන කෝටි සංඛ්‍යාත මහජන මුදල් නාස්තිය වහාම නවතා ඔය කියන කමිටු වසා දමන්න. බලධාරීන් නොදුටු සේ සිටීමට හේතුව බුද්ධිමත් ජනතාවට අනුමාන කළ හැකිය.