(යොහාන් භාසුර)
සංචාරක සේවා සපයන ඇතැම් ආයතන දේශීය සංචාරකයින් නොසළකාහරිමින් විදේශිකයන්ට පමණක් සැළකීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් එම අයතනවල බලපත්‍ර අවලංගු කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එවැනි සිද්ධි පිළිබඳව දේශීය සංචාරකයින්ගෙන් විධිමත්ව පැමිණිලි ලැබුණහොත් අදාළ ආයතන ගැන නීතිමය පියවර ගැනීමට නොපසුබට නොවන බවත් එම ආයතනවල බලපත්‍ර අවලංගු කර සියලුම සංචාරකයින් දැනුම්වත් කිරීමට කටයුතු කරන බවත් සංචාරක සංවර්ධන අධිකාරිය කියයි.
ඇතැම් සංචාරක සේවා ආයතන අනුගමනය කරන වෙන්කර සැලකීමේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව කියන සංචාරක සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සියලු පුරවැසියන්ට සමාන අයිතිය ලබාදීම මෙන්ම කිසිඳු පුද්ගලයෙකුට, ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය හෝ එවැනි කවර හෝ හේතුවක් සහ කරුණක් යටතේ වෙනස් කර සැළකිය නොහැකි බවත් එම නිවේදනයේ සඳහන් වේ.
ශ්රී ලංකා පුරවැසියන් සංචාරක කර්මාන්තය දුෂ්කරතාවයට පත්වූ අවස්ථාවලදී කර්මාන්තය සමඟ රැදී සිටි බවත් ඒ අනුව සෑම අවස්ථාවකදීම සංචාරක කර්මාන්තයට සහාය වී ඇති දේශීය සංචාරකයන් කර්මාන්ත පාර්ශවකරුවන් ලෙස සැළකිය යුතු බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශීය සංචාරකයින්ට නොසළකන ආයතනවල බලපත්‍රය අවලංගුයි
de silva Wednesday, 19 January 2022 07:22 AM
ඔය වැඩවලට පූර්වාදර්ශය දුන්නේ මුලින්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය වැනි රජයේ ආයතන ..., පසුව කොරෝනා කාලෙදී ආණ්ඩුව විදේශවල සිට පැමිණීමේදී නිරෝධායන සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුරවැසියන්ට දැඩි ප්‍රතිපත්තියකුත්, විදේශිකයාට ළිහිල් ප්‍රතිපත්තියකුත් හඳුන්වා දුන්නා.
Jagath Wednesday, 19 January 2022 10:06 AM
හෝටල් වලින් ආරම්භ කරන්නේ කෙසේද?
kamal Wednesday, 19 January 2022 10:22 AM
කතාව නම් පිටරටවල ඉන්න ලංකාවේ අයට දෙවැනි පන්තියේ පුරවැසියන් විදිහට සලකනවා කියලයි. දැන් මේ රටත් පිටරටක්ද?
fairoos Wednesday, 19 January 2022 12:24 PM
එහෙම කරනවා නම් හොඳයි
Prabha Wednesday, 19 January 2022 02:25 PM
ක්ලබ් වසන්තගෙන් පටන්ගමු...
Nihal Wednesday, 19 January 2022 08:36 PM
එයා ලංකා ගුවන් යානය තුළත් අපිට අඩු සැලකිල්ල... සුද්දාට හරිම ආදරෙයි.