IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දේශීය ආදායම් පනත සම්මතයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දේශීය ණය  ප්‍රශස්තකරණයට අදාල   විධිවිධාන ඇතුළත්  දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත  වැඩි ඡන්ද  45කින්  කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (7) රාත්‍රී සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 103  ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 58 ක් පමණි.

ඡන්දය විමසන අවස්ථාවේදී සභා ගර්භයේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු බහුතරයක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ සහ නිදහස ජනතා සභාව යන පක්ෂවල මන්ත්‍රීවරු වෙති.

අතුරලියේ රතන හිමියෝ පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයා පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පෙරේදාත් (6)  ඊයේත් (7)  පැවැත්විණ.

මෙම පනත් කෙටුම්පතේ කිසිම වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා කතානායකවරයාට දැනුම් දුන්නේය.



අදහස් (2)

දේශීය ආදායම් පනත සම්මතයි

Bamunuarachchi Thursday, 07 September 2023 10:46 PM

අලි සබ්රිගේ රත්තරන් හොරකම දැන් සාධාරණිය වේවි නේද?

:       0       0

Lalla Friday, 08 September 2023 08:46 AM

අලි සබ්රි රහීම් තවමත් පාර්ලිමේන්තුවේ ඉන්නවා කියන්නේ මොන නින්දාවක්ද? ප්‍රසිද්ධියේ හොරබඩු ගෙනත් රටට වංචාකළ පුද්ගලයෙක් ව්‍යවස්ථාදායකය නියෝජනය කරනවා කියන්නේ හොරු මහජනතාව නියෝජනය කරනවා කියන එක නේද? අනුර ඩැනියෙල් මේ වරදම කළ අවස්ථාවේ ජේ.ආර්. ජයවර්ධන ජනපති ඔහුව ඉවත්කළා... එදා සහ අද වෙනස... දූෂණය අනුමත කිරීමද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site