(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දේශීය ණය ප්‍රශස්තකරණයට අදාල විධිවිධාන ඇතුළත් දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 45කින් කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (7) රාත්‍රී සම්මත විය.
පනතට පක්ෂව ඡන්ද 103 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 58 ක් පමණි.
ඡන්දය විමසන අවස්ථාවේදී සභා ගර්භයේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු බහුතරයක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ සහ නිදහස ජනතා සභාව යන පක්ෂවල මන්ත්‍රීවරු වෙති.
අතුරලියේ රතන හිමියෝ පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.
මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පෙරේදාත් (6) ඊයේත් (7) පැවැත්විණ.
මෙම පනත් කෙටුම්පතේ කිසිම වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා කතානායකවරයාට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි සබ්රිගේ රත්තරන් හොරකම දැන් සාධාරණිය වේවි නේද?
අලි සබ්රි රහීම් තවමත් පාර්ලිමේන්තුවේ ඉන්නවා කියන්නේ මොන නින්දාවක්ද? ප්‍රසිද්ධියේ හොරබඩු ගෙනත් රටට වංචාකළ පුද්ගලයෙක් ව්‍යවස්ථාදායකය නියෝජනය කරනවා කියන්නේ හොරු මහජනතාව නියෝජනය කරනවා කියන එක නේද? අනුර ඩැනියෙල් මේ වරදම කළ අවස්ථාවේ ජේ.ආර්. ජයවර්ධන ජනපති ඔහුව ඉවත්කළා... එදා සහ අද වෙනස... දූෂණය අනුමත කිරීමද?