(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)
ආයතන හා පුද්ගලයන් දෙසීයකට වැඩි පිරිසක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි දාහතර දහස් හාරසියපනස් තුනකට අධික මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පවසයි.
මෙසේ ගෙවීමී පහැර හරි ලැබුවන් අතර ෆිනෑස් සමාගම්, කැසිනෝ ව්‍යාපාර හා රජයේ ආයතන වෙතියි දේශිය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බදු ගෙවීම පැහැර හැර ඇති ඇතැම් රාජ්‍ය ආයතන මේ වන විට ඈවර කෙරුණු ඒවා යැයි ද දැනගන්නට ඇත.
මේ අතර ආයතන හා පුද්ගලයන් රැසක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති චෙක්පත්වලින් රුපියල් කෝටි දෙසිය පහළිස් පහකට වැඩි වටිනා චෙක්පත් දස දහස් අටසිය හැත්තෑ අටක් අගරුවී ඇතැයි ද රජයේ ගිණුම් කාරක සභාවේදි තොරතුරු හෙළි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදු නොගෙවා පැහැර හැරීම වරදක්. ඒත්, මේ කොරෝනා වසංගතය හමුවේ ලෝකය උඩු යටිකුරු වී ගියා. බොහෝ ව්‍යාපාර නැත්තට නැතිවුණා. සමහර ඒවා ඔහේ නමට පමණක් තියෙනවා. පෙර සිට බදු නොගෙවා ඉන්නා අයව තෝරාබේරා ගෙන, සැබෑ ලෙසම ව්‍යවසනයට පත් ව්‍යාපාරවලට සහනයක් දීම වැදගත්. මන්දයත්, ඉදිරියටද බදු ලැබීය හැකිවනුයේ රටේ ව්‍යාපාර තිබුණහොත් පමණයි...
අර මැදමුලනේ කට්ටිය ඔය ලැයිස්තුවල නැද්ද එතකොට..? මොකද කිව්වොත් කරන හරිහමන් රස්සාවකුත් නැහැ. හැබැයි ඉන්නේ රජකුමාරවරු වගේ.
පාර්ලිමේන්තුවේ 225 ඔය හිඟ මුදලින් අඩකට වඩා ගෙවන්න ඕනෑ අය වෙන්න ඇති.
කැසිනෝ කාරයෝ රජයට පොල්ල තියලා රජයේ දේපළත් මංකොල්ල කනවා. ඒ සමාගම් තමයි ඔවුන් ගන්නේ... මෙකී කෝටි ගණනාවක දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ගෙන් අයකළ යුතුයි... රාජකාරිය පැහැර හැරීමක් සේ සලකා...