
(සුජිත් හේවාජුලිගේ)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව විවාදයට ගන්නා ලබන අඟහරුවාදා(5) දින කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව පිළිබඳ විවාදය ලබන අඟහරුවාදා (5) පැවැත්වීමෙන් පසු ඡන්ද විමසීම එදින පස්වරුවේ පැවැත්වෙනු ඇත.
ස්ථාවර නියෝග අනුව මෙම යෝජනාව සම්මත වීමට පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව මුළු මන්ත්‍රීවරුන්ගෙන් අඩක් (113) පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රමාණවත්ය.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංයුතිය දෙස බැලීමේදී මෙම යෝජනාව ස්ථිර වශයෙන්ම සම්මත වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
යෝජනාව සම්මත වුවහොත් ඒ බව කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට දැනුම් දෙනු ලබයි. එසේ දැනුම් දීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධූරය සඳහා නාම යෝජනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කරනු ඇත.
ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙරට පොලිස්පතිවරයකු පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් නෙරපා හැරෙන පළමු අවස්ථාව මෙයයි
පොලිස්පති දේශබන්දු දෙන්නකෝන් මහතාට එරෙහි විසමාචාර චෝදනා විමර්ශන කෙරුණු මැතිසභා ත්‍රිපුද්ගල කමිටුව එම සියලුම චෝදනාවලට වැරදිකරු බව ප්‍රකාශයට පත් කරමින් ඔහු සේවයෙන් පහකළ යුතු බවට නිර්දේශ කළේය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට හෙට(4) ඇතුළත් කෙරෙනු ඇත. එය දැනට පවතින්නේ පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේය. න්‍යාය පුස්තකයේ සම්පූර්ණ දින පහක් තැබීමෙන් පසු එළඹෙන ඕනෑම දිනයක යෝජනාව විවාදයට ගත හැකි බව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වල දැක්වේ.
දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපා හැරීමේ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ප්‍රධාන පක්ෂ තුනක් දැනටමත් තීරණය කර ඇත. ජාතික ජන බලවේගය සමගි ජනබල වේගය සහ දෙමළ ජාතික සන්ධානය එම පක්ෂ තුනයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපා හැරීමේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වෙන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සහ අවට ආරක්ෂක විධාන දැඩි කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් පියවර ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
10
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශබන්දු නෙරපන විවාදයට ආණ්ඩුවේ මන්ත්‍රීන්ට කොළඹ ඉන්න කියයි