(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී හෙට(5) විවාදයට ගැනීමට නියමිතය.
විවාදයෙන් අනතුරුව එදින පස්වරුවේ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට අද (4) ඇතුළත් කෙරුණු ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම යෝජනාව දැනට පවතින්නේ පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේය.යෝජනාව න්‍යාය පුස්තකයේ සම්පූර්ණ දින පහක් තැබීමෙන් පසු පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කෙරෙන බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.ෙමේ අතර විවාදය පැවැත්වෙන දින කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.
මෙම යෝජනාව සම්මත වීමට නම් නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව සියලු මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩක්(113) ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රමාණවත්ය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංයුතිය අනුව මෙම යෝජනාව ස්ථිරියෙන්ම සම්මත වනු ඇතැයි දේශපාලන විචාරකයෝ සඳහන් කරති.
යෝජනාව සම්මත වූ බව කතානායකවරයා දැනුම් දීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධූරය සඳහා නාමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කෙරෙනු ඇත.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
දේශබන්දු නෙරපන විවාදය හෙට
wedage Monday, 04 August 2025 03:23 PM
අනීතිකව ඡන්දයක් ඇල්බැඳුණු හිටපු කතානායකට දඬුවමක් නැත්ද?
Perera Tuesday, 05 August 2025 10:46 AM
මූව එලවන්න ඕන මඩු වලිගෙන් ගහලා