(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුව තුළ දේශපාලන පෙරළියක් සිදුවීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ යටතේ ආණ්ඩුවේ ප්‍රබලයකු අද හෙටම සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද ආරංචි මාර්ග වලින් පැවසේ.
ඒ සමඟම කැබිනට් මණ්ඩලයේද සංශෝධනයක් සිදු වීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.
මේ අතර ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බවට ද අද (03) ආරංචි පැතිර ගියේය.
එසේ වුවද එය නිශ්චිතව තහවුරු නොවීය.
මේ අතර, ඇමතිධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් සහ ඇමති වාසුදේව නානයක්කාර ,පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් යන මහත්වරුන් ඊයේ (02) රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා ඇති අතර, භාරකාර ආණ්ඩුවක් පත් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇතැයි දැනගන්නට තිබේ.
භාරකාර ආණ්ඩුවක් පත් කිරීමේ යෝජනාවට ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල්මල් වීරවංශ මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.
මේඅතර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර සහ ටිරාන් අලස් යන මහත්වරුන් අරලියගහ මන්දිරයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද අද (03) පෙරවරුවේ හමු වී සාකච්ඡා කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ දි ඊයේ රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දේශපාලන පෙරැළියක් අත ළග?
Mo77 Sunday, 03 April 2022 08:18 PM
දැන් තේරෙනවා නේද වැරැද්ද මොකාට වුණත් තුනෙන් දෙක දෙන්න හොඳ නෑ කියලා. අන්තිමට දෙකත් නෑ... තුනත් නෑ..
sunil Sunday, 03 April 2022 08:35 PM
හැබැයි ඔය දඟලන්නේ තෙල් නැති නිසා හොද්ද කිරට හදන්න. හැබැයි ඒකේ තියෙන්නේ එකම දේ. කිසිම වෙනසක් වෙන්නේ නැත. පරණ හොරු කණ්ඩායම පොඩි මේකප් පාරක් දාලා එන එක විතරයි වෙන්නේ... මේ 225ම යනකම් සටන කරගෙන යන එක තමයි කරන්න තියෙන හොඳම දේ.