(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුව වෙනස් කර දේශපාලන පරිවර්තනයක් ඇති කිරීමට බිම් මට්ටමේ ජනතාව දැඩි උනන්දුවකින් සිටින බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය.
එම පරිවර්තනය කිරීම සඳහා සමගි ජනබලවේගය සූදානම් යන පණිවිඩය සමගි ජන සන්ධානයේ තුන්වැනි මහ සමුලුව මගින් රටට ලබාදුන් බව අත්තනායක මහතා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ අද (12) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
සමගි ජන බලවේගයේ මහ සමුළුවට අපේක්ෂා කළ ප්‍රමාණයටත් වඩා මහා ජනතාවක් සහභාගි වූ බවත් එම සියලු දෙනාට පක්ෂය වෙනුවෙන් තමන් සුතූතිය පළ කරන බවත් ඔහු එහිදී සඳහන් කළේය.
පවතින ආර්තික දුෂ්කරතා මධ්‍යයේ සමුළුවකට සහභාගි වීමට කොළඹට පැමිණීම ලේසි පහසු දෙයක් නොවුවත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙනසක් අපේක්ෂාවෙන් මහ ජනකායක් පක්ෂ සමුලුවට එක් වූ බවත් ඔහු තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන පරිවර්තනයකට ජනතාවගේ දැඩි උනන්දුවක්, ඔව් ඒක සම්පුර්ණ ඇත්ත. නමුත් ඒක ඔබලා සිතන ආකාරයේ සුපුරුදු ආකාරයට විපක්ෂය බලය ගෙන ඒමේ පරිවර්තනයක් නොවේ. ඒක දේශපාලන වෙනසක් සමග පරිවර්තනයක් ලංකාවේ දේශපාලනය අලුත් අත්දැකීමක්...!
අනිවාර්යයෙන්ම ජනතාව ලොකු උනන්දුවකින් ඉන්නවා... ලොකු වෙනසක් කරන්න. හැබැයි ඉතින් ස.ජ.බේ නම් නෙමේ..
සජිත්ගෙ වැඩ නම් මාරයි. ප්‍රශ්න ලියපු ලියුම් එකතුකරලා ගොඩපෙන්වලා ආයේමත් පරණ දේශපාලන ගේම ගහන්න හදනවා... අහුවෙන්න එපා මේක පරණ පාරම තමයි.
ඇත්තම තමයි, හැබැයි ඔය 225න් නම් නෙමේ. පරණ රැවටිලි බයිස්කොර්ප් තවම දානවා ලැජ්ජා නැතුව, රජකම ගන්න. එහෙනම්....
ඔයා ආණ්ඩුවට එකතු වුණොත් ෂුවර් එකටම ඊළඟ ඡන්දෙදී ආණ්ඩුව පරාදයි.
තමුන්ගේ පැනිලි ගැනත් අපි නොදන්නවා නෙවෙයි . ඊළග මැතිවරණයකදී ජනතාව නිවැරැදි ,බුද්දිමත් තීන්දුවක් ගනීවි .
ඔය පරිවර්ථ හීනෙ අපේ ජිවිත කාලේ තුල නම් සැබෑ වෙන්නේ නැහැ.
සජිත් සමග ස ජ බ බලයට ගේන්න ජනතාවට තවම පිස්සු නැහැ. සමහරවිට පොහොට්ටුව ඊට වඩා ජන්ද ගනී