
(මනෝප්‍රිය ගුණසේකර)
දේශපාලන ක්‍ෂෙත්‍රයේ ප්‍රබලයින් දෙදෙනෙකු ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට පත්වීමේ අවධානමක් ඇති බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය රජයේ අමාත්‍යධුර දරමින් මහත් ආන්දෝලනාත්මක චරිත මැවු ප්‍රබලයින් දෙදෙනා සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති සාක්කි මත ඔවුන් දෙදෙනා අත්අඩංගුවට පත්වීමේ දැඩි අවධානමක් ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ප්‍රබලයින් දෙදෙනා අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගැනීමේ වැඩි ඉඩකඩක් ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් කරන විමර්ශන වලදී හෙළි වී ඇති කරුණු පාදක කර ගනිමින් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපුටෙක් මරලා තට්ටක් එල්ලුවානම් ඔක්කෝම හරි…..
ඔන්න ඔය හින්දා තමයි අපි සීයාව පත් කරගෙන වලිකෑවේ... සීයා ආවානම් කකුල් මාට්ටුවකුත් දාගන්න තිබුණා... වැඩේ කෑවා.
නම් නොකිව්වට අපටත් එහෙන් මෙහෙන් ආරංචි උනා. අද හෙට දැනගන්න පුලුවනි.
අල්ලස් හෝ දුෂණ කටයුතුවලට සම්බන්ද දේශපාලකයන් දෝ වෙනත් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දඩුවම් ලබාදීම පොලිසියේ සහ අදිකරණයෙ කටයුතක් නිසා පාර්ලිමේන්තුවේ සිටිනා දේශපාලකයන් ( පක්ෂ සහ විපක්ෂ ) අත්අඩංගුවට ගෙන දඩුවම් ලබාදීම් හෝ අත්අඩංගුවට ගන්න පුද්ගලයන් පිලිබදව පාර්ලිමේන්තුවේදී විවේචන හෝ මත පළකිරීම් සුදුසු නැත.
ආණ්ඩුව විවේචනය කරන දෙන්නෙකු වෙන්ඩ ඕන.
වරාය කඩලා කන්ටේනර් 323 ක් පන්නපු කෙනයි, අඩු තක්සේරුවට හොර ඔප්පු හදලා දේපළ මිලදී ගත්තු කෙනයි වෙන්න ඇති. ආ වරදුනා මේ කියන්නේ ඉස්සෙල්ලා ආණ්ඩුවේ දෙන්නෙක් ගැන නේ. මම කියන දෙන්නා ඒ ආණ්ඩුවේ හිටියේ නම් නෑ. ඒ නිසා මේ දෙන්නට ජනාධිපති සමාව ලැබෙයි. අත් අඩංගුවට නොගෙනම නිදහස් වෙයි.
පත්තරේ ප්‍රමෝෂන් එකක් විදියට, ඊලගට ඇතුලට යන එකා නම් කිරීමේ තරගය කියල තරගයක් දාමුද?
දූෂණ වංචාවන්ට සම්බන්ධ අයට දැන් සීමාවක් නැතුව දහඩිය දානවා වගේම සරෙන් සැරේ ඇදුම් මාරු කරන්න වෙනවාත් ඇති