
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දේශපාලන ගෙම්බෝ වගේ එහාට මෙහාට පැන්නොත් ජනතා අධිකරණය හමුවේ ඒවාට ප්‍රතිචාර විදින්නට සිදු වනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (27)පැවසීය.
පාර්ලිමේන්තුවේ හදිසි නීතිය සම්මත කර ගැනීමේ විවාදයට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය.
අද ආණ්ඩුව "හදිසිය" ගැන කතා කරන නමුත් ජනතාවට තිබෙන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ කිසිවක් නැති ජීවත් වීම පිළිබඳ හදිසියක් යැයිද ආණ්ඩුවට තිබෙන්නේ තර්ජනය ගර්ජනය රාජ්‍ය ත්‍රස්තවාදය ව්‍යාප්ත කරන හදිසි යැයිද විපක්ෂ නායකවරයා කීය.
ජනපතිගේ මෙන්ම අගමැති සභානායක තුමන්ලාගේ සිහිනය සැබෑ වුණ නමුත් ලක්ෂ 220 ක් වන ජනතාවගේ සිහින කුඩුපට්ටම් වී තිබෙන බවද විපක්ෂනායකවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කයිවාරු ෆස්ට්... ඔය වගේ කතා කියකියා ඉන්න තමයි වෙන්නේ. ඔහොම කියනවා ඇත්තේ ඊළඟට ආණ්ඩුවට යන්න ඉන්න කට්ටිය ගැන දැනගෙන නේද? විපක්ෂ නායකකමත් ගහලා යයි වගේ...
රටේ අනාගතය ගැන හිතා කියන කතාද මේවා...! මොහු එදා මහ පුටුව බාර ගන්න කිව්වාම පෑල දොරෙන් පැනලා ගිය එක දැන් කාටත් තේරෙනවා නොවැ..!
අහෝ පුතාණෙනි, මහත්තයෝ විකාර නැතුව රටටම කෙලවෙලා තියෙද්දීවත් කට්ටිය එකතුවෙලා ගොඩ දාන්නකෝ...! ඔය ජනාධිපති ඔයාගේ හිටපු නායකයා. ආසනේ පැරදිලාත් ලොකුම ඇමැතිකමක් දුන්නා නේද?