
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ස්වාධීන යෞවන සමාජ අද දේශපාලනීකරණය කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මෑතකදී තරුණ සේවා සභාව නිකුත් කළ 2/11/25/1 දරන චක්‍ර ලේඛනය මගින් 2025 මැයි 23ට පෙර පිහිටුවා තිබු සියලුම යෞවන සමාජවල වලංගු භාවය අහෝසි කර නව යෞවන සමාජ පිහිටුවීමට කටයුතු කර ඇති බව සජිත් ප්‍රේමදාස මහතා කීය.
සියලුම යෞවන සමාජ දේශපාලනීකරණයට ලක් කර ඇති බවට චෝදනා එල්ල වන බවත් දේශපාලන වුවමනා මත මෙකී යෞවන සමාජවල විධායක නිලධාරීන් පත්කර ඇති බවට චෝදනා එල්ල වන්නේ යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මෙය යෞවන සමාජවල ස්වෛරීත්වය කෙරෙහි විශාල බලපෑමක් එල්ල වීමක් බව පැවසූ විපක්ෂ නායකවරයා නව නියෝග මාලාවක් මගින් දේශපාලන හිතවතුන් සදහා වාසි ලබා දීමක් වන බව කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම දෙයක් අපට නම් පේන්න නැ ලොක්ක
බලෙන් පත් කලේ නැහැනෙ, චන්දෙන් නේ පත් උනේ. තමුන්නැහැලා පරාද වෙච්ච හැටියට මෙතනත් වෙන්න ඇති.
අර පහුගිය දවස්වල දේශපාලන සංදර්ශන තියල කෝටි ගණන් නාස්ති කරනකොට කට පියාගෙන හිටියෙ තමුන්ගෙ පරන යාලුවො නිසාද?
දුශිත පවුල් පාලන ආණ්ඩුව බලයේ හිටපු කාලේ තාරුණ්‍යයට හෙටක් කියලා , නිල් බලකාය කරපු හරියත් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ
සුන්බුන් විපක්ෂ නායකතුමා කෙදිරි ගාන්න එපා, ඔයාගෙයි නාමල්ගෙයි ඒකාබද්ධ සුන්බුන් විපක්ෂ කල්ලියේ තාරුණ්‍යය වර්තමාන තරුණ තරුණියන් විසින් කුණු කූඩයට තල්ලු කරලා දැම්මා.
උස මහත අනුව පත්වීම් දුන්නානම් හරිනේ නේද සජියෝ ?