IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දිවුලපිටිය ප්‍රදේශවාසීහු විරෝධතාවක

( පුෂ්පකුමාර මල්ලවආරච්චි) 

මීරිගම දිවුලපිටිය  මාර්ගයට සමීපයෙන් පිහිටි හල්පෙ ගුරුල්ලගම  සුසාන භූමිය ඉදිරිපිට  මාර්ග රක්ෂිත කොටස කිසියම්  පුද්ගලයෙකු විසින් කම්බි ගසා කොටු කිරීමේ සිද්ධියකට විරෝධය පාමින් ප්‍රදේශවාසීහු අද (1) පෙරවරුවේ එම සුසාන භූමිය ඉදිරිපිට දී විරෝධතාවයක යෙදුණහ .

 
සුසාන භූමියේ කටයුතු සිදුවන අවස්ථාවන්හිදී පැමිණෙන වාහන නවතා තැබීමේ පහසුව  සඳහා මාර්ග  රක්ෂිතයේ මෙම භූමි කොටස වසර හැට හැත්තෑවක් තිස්සේ භාවිතා කල බව  කියන ප්‍රදේශවාසීහු මේ ආකාරයෙන් එම කොටස කොටු කිරීම හේතුවෙන්  සුසාන භූමියට පැමිණෙන ජනතාවට මහත් ගැටලුවකට මුහුණ පෑමට සිදුවන බවද සඳහන් කළහ. 
 
 මාර්ග රක්ෂිත කොටස මෙසේ කොටු කර ඇතත් මාර්ග සංවර්ධන අධිකාරිය මේ සම්බන්ධයෙන් මුනිවත රකින බව ද ඔවුහු පැවසූහ .  මාර්ග රක්ෂිත කොටස හා යාබද ඉඩමේ පැරණි කම්බි වැට අතර පවත්නා දුර අඩි හය හතක් තරම් ය .
 
 මෙසේ අලුතින් ඉදි කර ඇති කම්බි කණු ගණනාවක් හඬා පෙරළා දමා ඇති බවද බව ද මෙහි දී දැකගත හැකි විය.
 
උද්ඝෝෂණයේ යෙදුණු පිරිස් යෙදුණු පිරිසෙන් කොටසක් යාබද ඉඩමේ වත්මන් හිමිකරු   හමුවී සාකච්ඡාවක යෙදුණු අතර අලුතින් ඉදිකර ඇති වැටෙන් කොටසක්  ඉවත් කර දීමට කටයුතු කිරීමට  එකගත්වයක් පළ කරනු ලැබීය. මාර්ග සංවර්ධන අධිකාරිය මේ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර ගැන ගැනීමට නිට්ටඹුව කාර්යාලයේ  නිලධාරියෙකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද  පෝදින නිවාඩුව නිසා   හැකි වූයේ නැත .



අදහස් (0)

දිවුලපිටිය ප්‍රදේශවාසීහු විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site