(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට යොදාගත් ටී පනස් හයේ ගිනි අවිය සොයාගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන්කරයි.
ඉකුත් මාර්තු මස 21 වෙනි දින සිදු වූ එම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් 15 දෙනකු අත්අඩංගුවට ගෙන එයන් 6 දෙනෙකු ප්‍රශ්න කර මුදාහැර තිබූූ අතර ඉතිරි පුද්ගලයන් 9 දෙනාගෙන් 6 කු බන්ධනාගාර ගත කර තිදෙනකු දින 90 ක ත්‍රස්තවාදය වැළැක්වීම යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරයි.
එම සැකකරුවන් තිදෙනාගෙන් හෙළි වූ තොරතුරු අනුව කැකනදුර යටියන පාරේ දේවේන්ද හේන පාර නිවසක වහලයේ සිවිලිම තුළ, ඝාතනයට යොදාගත් ටි 56 ගිනි අවිය සඟවා තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි.
සිදුවූ මෙම ඝාතනය විදේශගතව සිටින දෙහිබාලා නැමැත්තාගේ සහෝදරයා වසර කීපයකට ඉහතදී කාවාඩි පෙරහරක නර්තනයක යෙදි සිටියදී ඇති වූ පහර දීමක් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර දිගින් දිගට සිදුවූ ආරවුලක ප්‍රතිඵලයක් බවට මේ වන විට අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවීන්ද්‍ර කරවිට මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය පොලිස්පති, අම්පාවිල , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි( අධ්‍යක්ෂක) ඉමේෂා මුතු මාලි ,සහකාර පොලිස් අධිකාරී කළු ආරච්චි මහත්ම මහත්මීන්ගේ සෘජු අධීක්ෂණය යටතේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝජ් ගයන්ත මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 60728 සංජීව පොලිස් කොස්තාපල්වරුන් වන 92371 මනුවිට 85151 මඩවල 97121 නන්දික 97479 පෙරේරා මහත්වරු පරීක්ෂණ පවත්වති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
දෙවුන්දර ද්විත්ව ඝාතනයේ ගිනි අවියත් හමුවේ
dds Saturday, 12 April 2025 10:16 AM
මේ පාතාලයන්ට උදව් කෙරුවා කියලා පොලීසියේ ලොක්කෝ, නාකොටික් අය, එස්.ටී.එෆ්. හා හමුදාවේත් සම්බන්ධකම් කියැවෙනවා. කාරණා ඇත්නම් අධිකරණය දඬුවම්වලින් පසු ඒ අය සියල්ලෝම රැකියාවෙන් ඉවත්කළ යුතුයි...