
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඩිලංගා ගෝමස්)
47 හැවිරිදි අවිවාහක පුතු එල්ල කළ පොලු පහරකින් පියා මියගොස් මව තුවාල ලබා ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගල්කිස්ස ගාලුපාර පදිංචිව සිටි වැලිගොඩ නොඑල් ද සිල්වා 70 හැවිරිදි දෙදරු පියෙකි.
පහරදුන් බව කියන සැකකාර පුතු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
ඝාතනයට ලක් වූ පුද්ගලයා අංශභාගය රෝගය වැළඳී ඇඳ මත සිට ඇති අතර සැකකාර පුද්ගලයා ඔහුගේ හිසට පහරදී ඇති අතර ඔහු ඇඳ මතම මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු දීර්ඝ කාලයක සිට මානසික ආබාධයකට ප්‍රතිකාර ගන්නා අයෙක් බවද විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය
(ඡායාරූප ඩිලංගා ගෝමස්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd