
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
යතුරු පැදියක් පණ ගැන්විමට තල්ලු කරමින් දිව විත් එයට නැගිමට උත්සහ කළ තිදරු පියෙකු මාර්ගයේ දැව ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයකට යටවි එම ස්ථානයේදී මරණයට පත්ව ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ වෙන්නප්පුව දුම්මලදෙනිය ප්‍රදේයේ පදිංචි 51 හැවිරිදි රතුගමගේ අශෝර් රවි ප්‍රනාන්දු පැස්සුම් ශිල්පියකු ලෙස රැකියාව කරමින් සිටි පුද්ගලයකු බව කියයි.
අදාල තැනැත්තා පැස්සුම් ශීල්පියකු වන අතර ඔහු භාවිතා කරන යතුරු පැදිය පණ ගැන්විමට යොදා ගන්නා කික් පැඩලය නිසි ලෙස ක්‍රියාත්මක නොවිම හේතුවෙන් තල්ලු කරමින් එය පණ ගැන්විමට හුරුව තිබි ඇත.
එලෙසම යතුරු පැදිය පණ ගැන්විමට ඊයේ (23) සවස තල්ලුකරමින් සිටියදි නොසිතු ලෙස පාලනයෙන් ගිලිහි ගොස් යතුරු පැදිය එක් දිශාවකටත් තිදරු පියා මාර්ගයෙ ගමන් කරමින් තිබු දැව ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයකට යටවි මරණයට පත්ව ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දැව ලොරියට යටවී තිදරු පියා මරුට
ගුණරත්න Wednesday, 24 September 2025 09:20 AM
පිළිකුල්ම දේ තමයි මරණය වීඩියෝ කරන කාලකන්නි ටික, ඊටපස්සේ මේවා සෝෂල් මීඩියා දානවා. ඊළඟ දේ ලොරි රියදුරාගේ නොසැලකිල්ල. පැදිකරුවන් සහ පාගමනින් කරන්නන් පාරේ යනකොට බරවාහන රියදුරන් ඉතා පරීක්ෂාවෙන් යන්න ඕන, එත් අපේ උන් යන්නේ වීඩියෝ ගේම් එකක් කියල හිතාගෙනද මන්දා ඔහේ යනවා. පාරේ යන උන්ගේ කරුමයක් තිබ්බොත් චප්ප වෙලා මැරෙනවා. ආණ්ඩුව මේ අනතුරු ගැන කිසිම තැකීමක් නැහැ. දුප්පත් මිනිස්සු බල්ලෝ බළල්ලු ගානට වැටිලා.
thushara Wednesday, 24 September 2025 09:35 AM
මට පෙන්නනම බැරි සයිඩ් එකේ ඉදන් ෆොටෝ ගහන සෙට් එක. කාගෙවත් මරනෙක මොනවද තියා ගන්න ඕනෑ සමරු සිහිවටන.
ලුම්බිණි Wednesday, 24 September 2025 10:46 AM
පාරේ තියෙන ලේ පැල්ලම දැක්කම ඇඟ හිරි වැටෙනවා .