
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
යතුරු පැදියක් පණ ගැන්විමට තල්ලු කරමින් දිව විත් එයට නැගිමට උත්සහ කළ තිදරු පියෙකු මාර්ගයේ දැව ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයකට යටවි එම ස්ථානයේදී මරණයට පත්ව ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ වෙන්නප්පුව දුම්මලදෙනිය ප්‍රදේයේ පදිංචි 51 හැවිරිදි රතුගමගේ අශෝර් රවි ප්‍රනාන්දු පැස්සුම් ශිල්පියකු ලෙස රැකියාව කරමින් සිටි පුද්ගලයකු බව කියයි.
අදාල තැනැත්තා පැස්සුම් ශීල්පියකු වන අතර ඔහු භාවිතා කරන යතුරු පැදිය පණ ගැන්විමට යොදා ගන්නා කික් පැඩලය නිසි ලෙස ක්‍රියාත්මක නොවිම හේතුවෙන් තල්ලු කරමින් එය පණ ගැන්විමට හුරුව තිබි ඇත.
එලෙසම යතුරු පැදිය පණ ගැන්විමට ඊයේ (23) සවස තල්ලුකරමින් සිටියදි නොසිතු ලෙස පාලනයෙන් ගිලිහි ගොස් යතුරු පැදිය එක් දිශාවකටත් තිදරු පියා මාර්ගයෙ ගමන් කරමින් තිබු දැව ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයකට යටවි මරණයට පත්ව ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිළිකුල්ම දේ තමයි මරණය වීඩියෝ කරන කාලකන්නි ටික, ඊටපස්සේ මේවා සෝෂල් මීඩියා දානවා. ඊළඟ දේ ලොරි රියදුරාගේ නොසැලකිල්ල. පැදිකරුවන් සහ පාගමනින් කරන්නන් පාරේ යනකොට බරවාහන රියදුරන් ඉතා පරීක්ෂාවෙන් යන්න ඕන, එත් අපේ උන් යන්නේ වීඩියෝ ගේම් එකක් කියල හිතාගෙනද මන්දා ඔහේ යනවා. පාරේ යන උන්ගේ කරුමයක් තිබ්බොත් චප්ප වෙලා මැරෙනවා. ආණ්ඩුව මේ අනතුරු ගැන කිසිම තැකීමක් නැහැ. දුප්පත් මිනිස්සු බල්ලෝ බළල්ලු ගානට වැටිලා.
මට පෙන්නනම බැරි සයිඩ් එකේ ඉදන් ෆොටෝ ගහන සෙට් එක. කාගෙවත් මරනෙක මොනවද තියා ගන්න ඕනෑ සමරු සිහිවටන.
පාරේ තියෙන ලේ පැල්ලම දැක්කම ඇඟ හිරි වැටෙනවා .