
( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
වල්අලි ගම්වැදීම වැලැක්විමට ඇද තිබු නීති විරෝධි විදුලි රැහැනක දැවටි සිටි මල්ලීගේ ජීවිතය බේරා ගැනිමට ඔහුගේ සහෝදරයකු සහ හිතවතකු කටයුතු කළ සිද්ධියක් කල්අඩියෙන් වාර්තා වේ.
සිය මිතුරා සමඟ එක්වි මෙලෙස බේරා ගෙන ඇත්තේ කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලයෙ 9 ශ්‍රේණීයෙ අධ්‍යාපනය ලබන 14 හැවිරිදි සුනෙත් හිමාෂ නැමති සිසුවෙකි.
කල්අඩිය හයෙ කණුව මෙගොඩ කිරල්ඔය ආසන්නයෙ පදිංචි සුනෙත් හිමාෂ මෙම අවාසනාවන්ත ඉරණමට මුහණ දී තිබු අතර ඔහුගේ සොහොයුරා හා මිතුරා නොවන්නට මේ වනවිටත් ජීවිතයෙන් සමුගෙන අවසන් බව වෛද්‍යවරු පවසති.
නිවස ආසන්නෙය පිහිටි මෙගොඩ කිරල් ඔය ඇල පාරට අසල කරපිංචා පඳුරකින් කරපිංචා කිනිති කඩාගෙන ඒමට ගිය අවස්ථාවේ ඔහු විදුලි රැහැනේ පැටලී ඇත.
හිමාෂගෙ තනිවට ඔහුගේ වැඩිමල් අයියා හා අයියාගේ මිතුරකුද එක්වි තිබුන ද ඔවුන් දෙදෙනා මල්ලීට කරපිංචා කඩා එන ලෙස පවසා අසල තිබු මාදං ගසක මාදං කැඩිම සිදුකර ඇති බව කියයි.
විනාඩි කිපයකින් මල්ලීගේ ශබ්දයක් නොමැති විම හේතුවෙන් ඔහු ගැන විපරම් කර ඇති බවත් එහිදි අධික විදුලි සැර සහිත කම්බියක් තම සොහොයුරාගේ අතේ ඇමිනි තිබු බවත් මුඛයෙන් සෙම දමමින් දගලමින් සිටි තම සොයුරා බේරා ගැනිමට දෙවරක් නොසිතා කකුලකින් ඇද ඔහුගේ ජීවිතය බේරාගෙන ඇත.
එම සිද්දිය ගැන විස්තර කල හිමාෂගේ වැඩිමහල් සොහොයුරා වන සුදේශ් මිහිරංග මෙසේ පවසන්නට විය.


2025 දෙසැම්බර් මස 18
632
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිවි නොතකා මල්ලීගේ දිවි බේරු අයියා
Monday, 26 August 2024 06:05 PM
තෙරුවන් සරණයි. අල්ලාහ් දෙවි පිහිටයි පුතාලාට...
සෙනෙවිරත්න Tuesday, 27 August 2024 06:31 AM
මට නම් හිතෙන හැටියට ලොකු වාසනාවකට දිවි බේරිල තියෙන්නෙ. මල්ලිගෙ කකුල ඇල්ලුවම විදුලිය නොවදින්න, ජනතාව මෙවන් අනතුරු වලින් වැලැක්වීමට දැනුවත් කල යුතුයි . වීර පුතෙක්
දෝනි Wednesday, 28 August 2024 06:39 AM
ඒ මල්ලිත් හරි වාසනා වන්තයි මොකද ඒවගේ අයියා කෙනෙකුයි, යාලුවෙකුයි ලබන්නත් වගේම ජීවීතෙ බේරුන එකත් මාරම වාසනාවක්