(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දෙහිවල ප්‍රදේශයේ නිවෙසකට බෝම්බ ප්‍රහාරයක් එල්ල  කළ බවට සැකකාර ත්‍රිරොද රථය පාදුක්ක ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි. 

එම බෝම්බ ප්‍රහාරයෙන් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඔවුන්ගේ පිය තුවාල ලබා රෝහල් ගත කළේය. 

මෙම බෝම්බ ප්‍රහාරය දරු දෙදෙනාගේ පියා සමග තිබූ මතභේදයක් හේතුවෙන් එල්ල කළ එකක්ද ? එසේ නොමැති නම් යාබද නිවසේ පදිංචි බඩෝ විට අසංකගේ සමීපතම යාගේ නිවස වෙත බෝම්බ ප්‍රහාරය වෙත එල්ල කිරීමට පැමිණ වැරදීමකින් මෙම නිවස වෙත බෝම්බ ප්‍රහාරය එල්ල කළේද ? යන්න සැකයක් පවතින බව විමර්ශන පවත්වන පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ දිනවල බඩෝ විට අසංක පාර්ශවය, අවිශ්ක පාර්ශ්වය හා කොස් මල්ලි පාර්ශවය සමඟ නිරන්තරයෙන් වෙඩි තබා ගැනීම් සහ බෝම්බ ප්‍රහාර එල්ල කර ගැනීම් කොහුවල ගල්කිස්ස හා දෙහිවල පොලිස් වසම් කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරෙන අතර ආසන්නතම සිද්ධිය වන ඉකුත් 09 වෙනිදින බඩෝ විට අවිශ්ක නැමැත්තාගේ මිතුරෙක් වන කළුබෝවිල ශ්‍රී විමලසිරි පාරේ යතුරුපැදි අලුත් වැඩියා කරන්නකුගේ නිවසකට බෝම්බ පහර එල්ල විය

බෝම්බ ප්‍රහාරය එල්ල කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය