
(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ලේ දරුවන්ට බෙදා දීමට ගෙන ආ ත්‍රිපෝෂ තොගයක් බෙදාදීමට නොහැකිව ගාල්ල නගර සභාවට අයත් දංගෙදර, සමගිවත්තේ පිහිටි සායනික ගොඩනැගිල්ලේ මාස ගණනක් තිස්සේ ගොඩගසා තිබේ.
මෙම ත්‍රිපෝෂ තොගය ලබන ජූලි මස 14 වැනි දා කල් ඉකුත්වීමට නියමිතව ඇතැයි දැනගන්නට ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
ත්‍රීපෝෂ පැකට් පැකට් 5760ක් පමණ එම ස්ථානයේ ගොඩගසා තිබෙන බව නගර සභාවේ ප්‍රකාශකයෙක් සඳහන් කරයි.
මෙම ත්‍රිපෝෂ පැකට් පසුගිය පෙබරවාරි මාසයේ දී ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලැබී තිබිණි. එහෙත් මාස 04ක් ඉක්ම යන තුරු එම ත්‍රිපෝෂ පැකට් බෙදා දී නැත.
නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරීන් පවසන්නේ නගර සභාවේ ප්‍රධානීන්ගේ බල අරගලය හේතුවෙන් මෙම ත්‍රිපෝෂ පැකට් බෙදා හැරීම සිදුකළ නොහැකි වූ බවයි.
මේ ත්‍රිපෝෂ පැකට් බෙදා හැරීම සඳහා නිසි වැඩපිළිවෙලක් නොමැති බැවින් ඒවා කල් ඉකුත්වී ඉවත දැමීමට සිදුවනු ඇතැයි ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවකයෙක් කියා සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කන්ට පොඩි මිනිස්සුන්ගේ දුක කවදාද තේරුනේ? ඔහොම නාස්ති කරන්නේ අපේත් බදු මුදල් බව ලොකු නිලධාරීන් අවබෝධ කරගත්තොත් හොඳයි නේද? රැකියාව හරියට කරනවා නම් ඔහොම වෙන්නේ නැහැ. ජනාධිපතිතුමනි, මේ වගේ අපරාධ කරන අයට මතක තියෙන දඬුවම් දී රාජ්‍ය සේවය ශක්තිමත් කාර්යක්ෂම කරන්න.
අනේ මෙවන් ගොන් හරක් රැලක් ඉන්න රටකට මෙව්වා සුළු වැඩක්...
පොඩි ළමයින්ගේ අාහාර ටික අපරාදේ... හොඳක් වෙන්නේ නැත. මේ අවලම් මිනිස්සුන්ට...