IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දරුවන්ට කන්න හොයන්න ගිය මව අකුණට බිලි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පල්ලම අඩම්මන වෙල් යායෙදී අකුණු සැර වැදි දෙදරු මවක අවාසනාවන්ත අයුරින් මරණයට පත්ව ඇති බව පල්ලම පොලිසිය පවසයි.

මෙසේ අවාසනාවන්ත අයුරින් මරණයට පත්ව ඇත්තේ අඩම්මන පදිංචි පදිංචිව සිටි 37 හැවිරිදි දෙදරු මවක වු එම්.ඒ . රෝහිනි මල්කාන්ති නැමති කාන්තාවක් බව කියයි.

සැමියාගෙ බේබදුකම හේතුවෙන් දරුණු ආර්ථික අපහසුතාවකින් සිටි මෙම මව තම කුඩා ඉඩමේ තිබු කජු ගසකින් කජූ කිලෝවක් සකසා ගෙන එය විකුණා දරුවන් දෙදෙනාට රාත්‍රි කෑම සකසා දීම සදහා වෙළද සලකට ගොස් ආපසු වෙල් යාය මැදින් නිවසට පැමිණේමින් සිටියදී මෙසේ අකුණු සැරට ලක්වි මරණයට පත්වි ඇති බව කියයි.

අකුණු සැරට ලක්වු මෙම කාන්තාවට වයස අවුරුදු 9 ක දියණියක් හා අවුරුදු එකයි මාස තුනක කුඩා පුතකු සිටින බව ඥාතිහු පවසති.

මෙම කාන්තාව සමග දියණියද පැමිණ ඇති බවත් මොවුන් වෙල් යායේ නියරක් මතින් නිවසට ආසන්නව පැමිණේමින් සිටියදී අකුණු සැර පතිත වී ඇති බව කියයි.

කෙසේ වෙතත් එම අකුණු සැරින් කාන්තාව දැඩි ලෙස බියට පත්වි කුඩා දියණියට පරිස්සමේන් නිවසට යන්නැයි පවසා තිබේ.

දියණිය මවට පෙර මිටර් 15 කට වැඩි දුරකින් ගමන් ගන්නා අවස්ථාවේදි නොසිතු ලෙස අකුණුක් ගසා මෙම කාන්තාව එයට හසුව දරුණු පිලිස්සුම් තුවාල ලබා එම ස්ථානයෙදී ම මරණයට පත්වි ඇති බව කියයි.

යම් හේයකින් දියණියත් මවත් එකට ගමන් කළේ නම් මෙම දෙදෙනාම මරණයට පත්විමට ඉඩ තිබු බව පුත්තලම ආපදා කළමණාකරණ එකකයෙ නිළධාරින් පවසයි.



අදහස් (3)

දරුවන්ට කන්න හොයන්න ගිය මව අකුණට බිලි

සුරංගොඩ Saturday, 29 April 2023 05:31 PM

වෙල්යායක අකුණු අනතුරු සිදුවීම වැඩියි. එහෙම නිසා එවැනි ස්ථානයේ පවතින උස දේවල් වලට අනතුරු වෙනවා. සමහර විටෙක ඔය ආසන්නයේ දුරකථන පහසුකම් සලසන අකුණු සන්නායක නිසියාකාරව සවිනොකළ කුළුණක් හෝ කීපයක් තියෙන්න පුළුවන්... එහෙම ඒවා නිසා අපටත් නිතර බියෙන් ඉන්න වෙලා තියෙනවා. විදුලි සංදේශ නියාමන කොමිසමේ අවධානයට ඒ බව යොමුවුණොත් මෙහෙම නාස්තිවෙන අසරණ ජීවිතහානි වළක්වා ගන්න පුළුවන් කියලා හිතෙනවා...

:       2       19

Anura Saturday, 29 April 2023 10:15 PM

අනේ දැන් දරුවන්ට යන කල දසාව..!

:       0       1

Rata Perata Sunday, 30 April 2023 01:17 PM

එළියට ගිය හේතුව ඇත්තක්ද? මොකද අපේ රටේ ජනාධිපති කියලා තියෙන්නේ තවදුරටත් ලංකාව බංකොළොත් රටක් නෙවෙයි කියලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site