(යොහාන් භාසුර)
‘කොවිඩ්’ සමයේදී පාසල් වැසීම හේතුවෙන් මෙරට 3 වැනි ශ්‍රේණියේ දරුවන්ගෙන් 90 කට පමණ ප්‍රමාණවත් සාක්‍ෂර හෝ අංක පිළිබඳ දැනුමක් නොමැති බව සමීක්‍ෂණ වාර්තාවකින් හෙළි වී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
මෙහිදී දරුවන්ගේ සවන්දීම, කථන, කියවීම, ලිවීම, සංඛ්‍යා හා මූලික ගණිත දැනුම යන හැකියාව පරීක්‍ෂා කළ බව කියන අධ්‍යාපන අමාත්‍යංශය දරුවන්ගේ සාක්‍ෂර හැකියාව සියයට 34 ක් සහ සංඛ්‍යා දැනුම සියයට 7 ක් තරම් අඩු මට්ටමක පැවැති බව ද සඳහන් කළේය.
‘කොවිඩ්’ හේතුවෙන් පාසල් වැසීමෙන් දරුවන්ට වූ බලපෑම සෙවීමට 3 වැනි ශ්‍රේණියේ දරුවන් යොදාගෙන කළ සමීක්‍ෂණයකින් මෙම තොරතුරු හෙළිවී ඇති බවත් 2021 දෙසැම්බර් සිට 2022 ජනවාරි දක්වා කාලයේ මෙරට සෑම පළාතක්ම ආවරණය වන පරිදි පාසල් 1,009 ක 3 වැනි ශ්‍රේණියේ දරුවන් 10,000 ක් යොදා ගෙන සමීක්‍ෂණය කළ බවත් එම අමාත්‍යංශය කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියෙදි තත්ත්වය තවතවත් බරපතළ වන ලකුණු තිබෙනවා . අපි දන්න විදියට පාසල් වලට වියදම් කරන්න සල්ලි නැහැ . ප්‍රශ්න පත්‍ර දෙන්නෙ සොෆ්ට් කොපි විදියට . ප්‍රින්ට් අවුට් ගන්න ඕන . මුද්‍රණය කරන්න කොල ඕන . මේව කිසිවක් රජයෙන් දෙන්නෙ නැහැ . දෙමාපියන් දෙන්න ඕන . ඇමතිවරයා මේව දැනගෙනද කතා කරන්නේ . බොහෝ පාසල් පහසුකම් සේවා ගාස්තු 3000, 4000 වෙනකම් වැඩි කරල. ඒව ගෙවන්න දෙමාපියන් ට සල්ලි නැහැ . මෛ්කද නිදහස් අධ්‍යාපනය කියන්නේ . ලයිට් බිල් වතුර බිල් ගෙවන්න ඕන ඉස්කෝලෙ න්.
පාලකයන්ට ඇපූරු ප්‍රවෘත්තියක්
සමහර මාද්‍යවල ඉන්න ලොකු දරුවන්ටත් හරියට භාශාව හසුරුවන්ට දනීමක් නැති කොට පොඩි දරුවන් ගැන මොන කතාද.