(යොහාන් භාසුර)
උසස් පෙළ විභාගය ආරම්භ වන හෙට (23) දිනයේ විදුලි කප්පාදු කර දරුවන්ගේ ජීවිත සමඟ සෙල්ලම් නොකරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් විභාගය පැවැත්වෙන කාලයේ විදුලිය කප්පාදු නොකරන ලෙස විදුලිබල මණ්ඩලයට ලිපියක් යොමු කළ බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (22) පැවසීය.
දරුවන් සමඟ හෝ ආර්ථික සමඟ සෙල්ලම් කිරීමට මෙය සුදුසු කාලයක් නොවන බව කී රත්නායක මහතා විදුලි ඉල්ලුම අඩුවී තිබෙන බැවින් ජල විදුලිය, ගල්අඟුරු සහ පුනර්ජනනීය යන ක්‍රමවේදවලින් අවශ්‍ය විදුලි ධාරිතාවෙන් සියයට 95 ක් සපයාගත හැකි බව ද සදඟන් කළේය.
විභාගය පැවැත්වෙන කාලයේ විදුලිය සැපයීමට ඉන්ධන මිලදීගැනීම සඳහා රුපියල් කෝටි 500 ක් වැයවන්නේ යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා කරන ප්‍රකාශ සාවද්‍ය බව කී රත්නායක මහතා පැවසුවේ විදුලිබල ක්ෂේත්‍රය පිළිබඳව දැනුම නැති අමාත්‍යවරයා ඉවත් කර දැනුම ඇති අමාත්‍යවරයෙක් පත්කර අදාල ආයතන අතර සාකච්ඡාවක් කර ප්‍රශ්න විසඳාගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත්ය.
උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන පෙබරවාරි මස 17 වැනිදා දක්වා කාලයේදී රටේ සියලුම ජනතාව විදුලි පරිභෝජනය යම්තාක් දුරටත් අඩු කර රජය, විදුලිබල මණ්ඩලය සහ මහා භාණ්ඩාගාර අනිවාර්යෙන්ම සහයෝග දී අනාගත පරම්පරාවට මේ අවස්ථාවේදී සහයෝගය දියයුතු බවත් විභාගය කාලයේදී පස්වරු 3.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලයේදී පමණක් විදුලිය කැපීම මගින් ද විදුලිබල මණ්ඩලයට සහයෝගය දැක්විය හැකි බවත් ඒ මහතා කීය.
කැබිනට් මණ්ඩලයේ විදුලි බිල ඉහළ දැමීමේ නීති විරෝධී යෝජනාවට පසුගිය 12 වැනිදා කැමති වී 19 වැනිදා අකමැති වූ එම කොමිසමේ සාමාජිකයන් අනිද්දා පැවැත්වෙන අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීමේදී සහයෝගය දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එම සාමාජිකයන්ගේ තීරණය දේශපාලන බලපෑම් මත වෙනස් කළ එකක් බවත් රත්නායක මහතා සදඟන් කළේය.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කොළඹදී අද (22) පස්වරුවේ විශේෂ මාධ්‍යහමුවක් පවත්වමින් එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිහයි,ඇමතියයි,ආන්ඩුවයි යන තුන්ගොල්ලොම ගන්නේ කාලකණ්ණි වින්දනයක් .මුන් විභාගය තියෙනවා කියලා දැනගත්තේ අද ද.පහු ගිය කාලේ පුරාවටම මුන් කලේ බෝලේ පාස් කර කර තමුන්ලගේ වැඩේ කරන් යන එක.මේවට එරෙහිව පෙල ගැහෙන්න එකෙක් නෑ.
කවදත් අපේ ජීවිතත් එක්ක සෙල්ලම් තමයි හැම ආණ්ඩුවම කරේ .ඕකේ ආයේ වෙනසක් නැහැ
තාක්ෂනය ගැන දවස පුරාම පුරසාරම් කෙලින ගොනෙක් රට පාලනය කරනකොට ඔහොම වෙනවා
අපිට තියෙන මතකයේ හැටියට සුනාමි ආධාර ලෙසට ලැබුණු සම්පත් සම්පූර්ණයෙන්ම ගසාකෑමට පස්සෙ සහ වත්මන් වැඩිහිටියන් කියන ආකාරයට 56 පෙරලියෙන් පසුව රට ප්‍රපාතයකට වැටෙන්න ගත්තා ඒ අතරේ සමාජ වාදය කරපින්නා ගත් විප්ලවයක් කර බලයට පැමිණීමට සිතූ මුග්ධයින්ගේ 1971 කැරැල්ලේ සිට රට ප්‍රපාතයට යාම වේගවත් වුනා සුද්දගෙන් රට භාර ගත්තාට කිසිම සැලසුමක් නැතුව එක් එක් අයගේ සිතුවිලි සමග රටේ සංවර්ධනය අඩාල වුනා කොමිස් ලැබෙන ආර්‍ථික ලාභයක් නොලැබෙන ව්‍යාපෘති විදෙස් ණය අරගෙන ක්‍රියාත්මක කලා රටේ සංවර්ධනයට වඩා පක්ෂයේ සංවර්ධනය හා පවුලේ පෝෂණය සදහා උනන්දුවක් ගත්තා අන්තිමේ රටට විනාශයක්ම වුනා වටිනා නිල් මැණිකක් සමාන රට ලෝකයේ හිගන්නෙක් බවට පත්වුනා ඉස්සර නායක හාමුදුරුවන් වහන්සේ නමක් කිව්වෙ අපායට යන්න ඕනෑනම් නුඹට කරපං මහ ඇමති කම එක මොහොතකට කියලා ඒ කිව්වෙ අගමැති තනතුර තිබුන කාලයේ .එහෙම නම් රරටට මෙවැනි අපරාධයක් කලවුන්ට හාමුදුරුවෝ කියපු තැනට ඉක්මනින් යාමට හැකිවේවා
මෙයත ඡන්දෙට එයි වගේ. ඔය වගේ කිඹුල් කඳුළු පෙරන අනුකම්පා කාරයෝ දැකලා ඇති වෙලා. ඇමති එක්ක වලියක් මිසක් දරුවො ගැන හිතලා නම් නෙවෙයි මේ.
මොනව කරන්නද බංකොලොත් කරපු හොරු ටිකම තවම ආණ්ඩුව කරනකොට , විෂය බාර ඇමතිය කරන්ට් කපන්නේ ලංකාව දියුණු කරන්න ලු
මේ මිනිහා වීරයෙක් වෙන්න හැදුවට පස්සේ විහිළුකාරයෙක් වුණා
මම ඔබේ තනතුරේ සිටියා නම්, යුතුකම් ඉටු කිරීමට අසමත් වූවෙක් ලෙස මම තනතුරෙන් ඉවත් වන්නෙමි.
මෙ කාලකන්නි ආන්ඩුව තියනකම් රටට කිසිම සෙතක් නැහැ