
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අනුරාධපුර විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසල් තුනක ආහාර නොගෙන පැමිණි දරුවන් විසි දෙනකු එම පාසල්වලදී ඊයේ (21) සිහිසුන්ව ඇද වැටී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී කේ.පී.එස් කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (22) අනාවරණය කළේය.
මෙලෙස ක්ලාන්තවී ඇද වැටී ඇත්තේ විලච්චිය සිද්ධාර්ථ මහ විද්‍යාලය, කිඹුලාවැව ආනන්ද විද්‍යාලය සහ කිඹුලාවැව ආනන්ද විද්‍යාලය යන විදුහල්වල සිසුන් විසි දෙනකු බවද ඔහු සඳහන් කළේය.
දරුවන්ගේ ආහාර ප්‍රශ්නය අද බරපතළ තැනක පවතින බව සඳහන් කළ කුමාරසිරි මන්ත්‍රීවරයා ආහාරයට කුරුම්බා ලොඳ ගෙන ආ මිනුවන්ගොඩ පාසල් සිසුවකු සම්බන්ධයෙන්ද ඊයේ මාධ්‍යවලින් තොරතුරු වාර්තාවූ බව ප්‍රකාශ කළේය.
පාසල් දරුවකුට රුපියල් 60 කින් දිවා ආහාරය ලබාදිය නොහැකි බවත් මේ ගැටලුව සම්බන්ධයෙන් වහා සොයා බලා කටයුතු කරන්නැයි තමා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා කීවේය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ප්‍රශ්නයක් යොමු කරමිනි.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා:
විලච්චිය සිද්ධිය ගැන මම දන්නෙ නෑ. නමුත් මම මිනුවන්ගොඩ සිද්ධිය ගැන සොයා බැලුවා.ඒ විදුහල්පතිතුමියටත් කතා කළා. එහෙම සිද්ධියක් වෙලා නෑ. එහෙම දෙයක් වුණා නම් ඒක ගුරුවරුන්, දරුවන් දැනගන්න ඕන. ඒ කවුරුවත් ඒ වගේ සිද්ධියක් දන්නෙ නෑ. කිසිම දරුවෙක් ඒ ගැන තොරතුරු කියන්න ඉදිරිපත් වෙලත් නැහැ. විලච්චිය සිද්ධිය ගැන මම සොයා බලනවා.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා:
මිනුවන්ගොඩ කියන්නේ මගේ ප්‍රදේශය. මම ඒ සිද්ධිය ගැන සොයා බැලුවා. එහෙම සිද්ධියක් වෙලා නැහැ. විදුහල්පතිතුමිය ඒ ගැන කිසිම දෙයක් දන්නෙ නෑ. රටේ දරුවන්ට ප්‍රශ්නයක් තියෙන බව අපි දන්නවා. එහෙම තියනවා කියලා මේ වගේ බොරු ගහලා මිනිස්සු කුලප්පු කරන එක හොඳ නැහැ.
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා:
ජනතාවට ආහාර සොයා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. දරුවන් මන්දපෝෂණයට ගොදුරු වෙනවා. මුලින්ම අපි මේ ප්‍රශ්නය පිළිගන්න ඕන. ප්‍රශ්නය පිළිඅරගෙන එය විසඳීමට වැඩපිළිවෙළක් හදන්න ඕන. උද්ධච්ච විදිහට වැඩ කරන්න එපා.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා:
ඔව්. ප්‍රශ්නයක් තියෙනවා. අපි පිලිගන්නවා. බැහැර කරන්නේ නෑ. නමුත් බොරු කියලා ඇත්ත විකෘති කරන්න දෙන්න බැහැ. මිනුවන්ගොඩ සිද්ධිය බොරුවක්.
මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා:
දරුවන්ගෙන් හතරෙන් එකකට දිවා ආහාරය දෙන්න අපි අසමත් වෙලා. අද ළමයි කලන්තේ දාලා වැටෙනවා. ඒක තමයි ඇත්ත තත්වය. මේ ප්‍රශ්නයට විසඳුම් දෙන්න ඕන. අද බත් බැංකු හදන තත්වයක් රටේ ඇතිවෙලා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍ය තත්ත්වය වසන් කරන්න පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් දක්ෂයි . එකෙ ප්‍රතිඵලය තමා දැනටමත් අපි විඳිමින් ඉන්නෙ . මේකත් වහගෙන හිටපල්ලකො . අධි මන්දපෝෂණය නිසා ලමයි නැති වෙනකොට කියපල්ල ලෝක සෞඛ්‍ය සංවිධානය උදවු ඕන කියල .
අනේ ප්‍රසන්න මහත්තයා, ඇත්ත තත්වය වහන්න හදන්න එපා. ඔය කරන්නේ අඳුරේ අතපත ගෑමකි. සැබෑ තත්ත්වය දැනගන්න ගමකට ගිහින් බලන්න. ඔබතුමා නියෝජනය කරන පැත්තේ දරුවන් අහිංසක මිනිසුන් බඩ ගින්නේ කීවාම මදිපුංචිකමක් දැනෙනවා ඇත. ඔයාලාට ලැජ්ජාවක් නෑ. එහෙම තියෙනවා නම් ඔහොම කතා කරන්නේ නෑ. දවසට එක වේලාවක් කන මිනිස්සු මිනුවන්ගොඩ කොච්චරත් ඉන්නවා. ඔබලා වගේ අයට හෙන ගහනවා.
පාර්ලිමේන්තු ඇවිල්ල බොරු කියනවට දඩුවම් නැද්ද?
ප්‍රශ්නය යටපත් කරන්න උත්සාහ නොකර ඒකට විසඳුමක් බලන්න.
ඕකේ ඉන්නේ තිරිසන්නු 225 න් එකෙකුටවත් දරුවෙකුගේ බඩගින්න තේරුණේ නැහැ.
සියලු පාඨකයෝ මධ්‍යස්ථයි. මෙම ප්‍රවෘත්තිය පළවුනේ මාධ්‍ය තුළනේ. සියලු කර්තෘවරුන් මෙම ප්‍රවෘත්තියට සම්බන්ධ විස්තර පළකරන්නකො. හැබැයි එකම එක කොන්දේසියක් යටතේ. ඒ නම් ප්‍රවෘත්තිය ඇත්ත නම් මාසයක් හෝ දෙකක් පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලකයින්ට කන බොන දේවලට සම්පූර්ණ මුදල මෙන් තුන්ගුණයක් ගෙවිය යුතුවේ. කාලා වරයෙන්කෝ.මාධ්‍ය පිළිබඳ විශ්වාසය ඇතත් දේශපාකයෝ කියන උදවියගේ බල්ලෙක්වත් විශ්වාස කරන්න එපා.
කවද වෙනකම් මේවා ප්‍රතික්ෂේප කරන්නද ඇමතිතුමා, දැන්වත් බිමට බැහැලා බලන්න රටට මොකද වෙලා තියෙන්නේ කියලා. පාර්ලිමේන්තු ඇවිල්ලා ගාණක් වියදම් කරලා බොරු කියන යන වේලාවේ පාර්ලිමේන්තු රැස්වීම් අවලංගු කරලා ඒ සල්ලි බඩගින්නේ ඉන්න දරුවෝ වෙනුවෙන් යොදවන්න. ඊලඟට එන්නෙ නිකම් අරගලයක් නෙවේ. බඩගිනි යුද්දේ. කොහෙන් නවතීද දන්නේ නැහැ. තවමත් කල් තියනවා බොරු කර කර ඉන්නේ නැතුව මේක විසඳන්න.
දැන් ඇති නේද බොරු කිව්වා. පොහොට්ටුව පත්වෙච්ච දවසේ ඉඳන් බොරුවෙන්මයි බලයේ හිටියේ. ඩොලර් බිලියන ගාණක් නාස්ති කරපු අයට කිසිම දඬුවමක් නැහැ. ඒ කරපු වැරදි වලට ප්‍රතිඵල තවම හරියට ආවේ නෑ. ප්‍රතිඵල ආපු දවසට හැංගෙන්න තැන් හොයා ගන්න. තවත් බොරු කියනව. අපේ සල්ලි වලින් පාර්ලිමේන්තු ඇවිල්ලා. ලැජ්ජාවක් නැද්ද දරුවෝ බඩගින්නේ ඉඳිද්දී දැක්කෙ නැහැ වගේ ඉන්න.
දැන් කියයි ලංකාවේ කිසිම ආර්ථික ප්‍රශ්නයක් නැහැ කියලා. දැන් මාධ්‍ය වලට වරද පටවලා ප්‍රශ්නයෙන් පැනලා යන්න හදනවා. ප්‍රශ්නය යටගැසීම ඵයට වන විසඳුම නොවේ...
මේ කෙහෙළිය, ප්‍රසන්න වගේ අයටනම් වැහි නැති හෙන වදින්න ඕනි.
උද්ධච්ච ඇමතිවරු, ලබන සැරේ මිනිස්සු ගෙදර විතරක් පුච්චලා නතර වෙන එකක් නැහැ.
පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත දේසපාලුවන්ගේ කොහොමටත් කට බඩ දෙකම පිරෙනවා.. අවුලක් නැතුව.ඇති.
ඔය කෙහෙළිය, ප්‍රසන්න රණතුංග කියන දෙන්නා ඔහොමම තමයි. අසරණ දරුවෝ කුසගින්නේ හාමතේ මැරුණත් දැනෙන්න තරම් මනුස්ස හිතක් ඇත්තෙම නැහැ. කොයි වෙලෙත් බලන්නේ ඔය කතා බොරු, ඔහොම ආහාර හිඟයක් නැහැ කියලා කියන්න බලාගෙනයි. නැත්නම් ඕනි මෝඩයෙකුට තේරෙනවනේ ඉස්කෝලේ ළමයි කලන්තේ දාලා වැටෙනවද කියාලා ප්‍රින්සිපල් ගෙන් ඇහුවම ඒ මනුස්සයා අනේ ඔවු ඔවු වැටෙනවා කියලා කියනවද? ඒ ප්‍රින්සිපල් තමන්ගේ රස්සාව ගැන බය හිතිලා නැහැ කියනවා. ඇරත් අහන්නේ උගත් කමක් මනුස්සකමක් නැති මහා තගෙක් වගේ මන්ත්‍රීයෙක් නිසා ඒ මිනිස්සු කොහොමත් බයයි ඇත්ත කියන්න. මේ නුගත් මැටි මෝඩ මන්ත්‍රීයෝ ගොන් තර්කනෙ සභාවේදී මහා උජාරුවට කියවන්නේ.
මේ අයට ප්‍රාශ්නයක් නෑ. පාර්ලිමේන්තු හෝටලයෙන් අපේ සල්ලිවලින් කාලා අපිට කන්න නැති එක ගැන කතා කරන අසික්කිත ලැජ්ජා නැති මිනිස්සු. මේ අයට ජන්දය දෙන හුරේ දාන මෝඩ අමනයන්ව හොයාගෙන ගිහිල්ලා ගස් බදින්න ඕන අපිට නෙවි අපේ අනාගත පරපුරට කරන අපරාධයට.
All grievances miscalculated !
අපේ රටේ ඉන්න දූෂිත දේශපාලුවන්ට රටට හෙන ගැහුවත් කමක් නැහැ... එයාලාගේ දේවල් හරියට කෙරෙනවනේ... කාලාම තෙල වැඩිවෙලා. පේනවනේ ඇඟවල් වල හැටි... ඇඟේ තරමට මොලේ නැහැ...
ළමයි කුසගින්නේ පාරෙ වැටෙනවා. ඒ වුණාට ගන්නේ රුපියල් ලක්ෂ 3 පරිගණක දහස් ගණන්.. අධ්‍යාපන දෙපාර්තමේන්තුවට....
ආණ්ඩුවේ අයට බඩගින්න දැනෙනකම් ජනතාවගේ බඩගින්න දැනෙන්නේ නැහැ. එහෙම වෙනකොට ජනතාව කම්බස් වෙලා ඉවරයි.
හිරේ ඉන්න ඕනෑ මේ නූගත් දේශපාලකයන් දෙන්නා කියන ඒවයින් වැඩි හරියක් බොරු බව හැමෝම දන්නවා. අහෝ ශ්‍රී ලංකාව...
අඩුගණනේ දරුවන්ගේ ප්‍රශ්නයේදීවත් හදවතේ තෙතක්, සංවේදී කමක් තිබුණා. අලි පොහොට්ටු කවුරුවත් හිටියේ නැති හැටි මොවුන්ට ඕනේ බලේ විතරයි.
"හොරු කෑ රටේ දරුවන්ගේ කුස ගින්න ... ඉහලට ගොස් ඇතත් නැත පිළියම් විසඳන්න ... කම්බා හොර නඩේ නිති සතුටින් ඉන්න ... කාලය එළඹ ඇත නිසි දඬුවම් දෙන්න ... "
රටම හොරාකාලා, ගසාකාලා යහමින් හරිහම්බ කරගත්තු බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන්ට තුන්වේලම කන්න ලැබෙනවා. එයාලාට අනික් අයගේ බඩගින්න කොහොමටත් තේරෙන්නේ නැතුවා...
ලංකාවේ කාටවත් කන්න බැරිතරම් අහේනියක් නෑ... සුපිරි කෑමබීම හොයන්නේ නැතුව ගුණදායක ආහාරපාන ගන්නවා නම් මේ කිසි ප්‍රශ්නයක් නෑ. ආණ්ඩුවට බොරුවට බනින්න එපා.
වෙලාවට IMF යන්න නොදුන්න උන්ගෙ වාසුවාගෙ, විමල්ගෙ, මුලින්ම ඔලුවෙ පරාල ඇණ ගහන්න ඕනි. ඊට පස්සේ දැන් ඉන්න පොහොට්ටු සෙට් එක පණ පි්ටින් වළදාන්න ඕනි.