(ඩයනා උදයංගනී)
රටේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල කර ඔවුන් පීඩනයකට ලක්කිරීම සාධාරණ නැති නිසා මාර්ගගත අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කරන්නැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා රටේ සියලුම ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.
මාර්ගගත අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන ගොස් පාසල් විවෘත කළ පසුත් පාසල් පැමිණ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙනයන්න සහයෝගය දෙන්නැයි තමා ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව ඇමතිවරයා පැවසීය.
ගුරුවරුන්ට ඇති සියලු ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් නිරාකරණය කළ යුතු බව කී ඇමතිවරයා ඒ ස`ඳහා තමන් සියලු ගුරු විදුහල්පති සංවිධාන නියෝජිතයින් හෙට (20) හමුවී සාකච්ඡා කරන බව ද සඳහන් කළේය.
ඇමති ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී අද(19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
කිසිම හේතුවක් නිසා රටේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කිරීම සාධාරණ නැතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා ස්ට්‍රයික් කිව්වාට ටියුෂන් වල වැඩ. වෙනදාට උදේට ඉස්කෝලේ ඔන්ලයින් වැඩ... දැන් මුළු දවසෙම ටියුෂන්වල වැඩ. මරු ස්ට්‍රයික් එක...
ඇමතිතුමණි, ගෙදර නිකං ඉන්න කාලෙට, උද්ඝෝෂණ කරන කාලෙට මහජන මුදලින් ඔවුන්ව නඩත්තු කිරීමක් අවශ්‍ය නැහැ. ඒක නිසා සෘජු තීරණයක් අරගෙන මේ වගේ වෘත්තියට අදාලව කිසිවක් නොකෙරෙන කාලවලදී වැටුප ගෙවනකොට අනෙකුත් සියළුම දීමනා වර්ග අත්හිටුවන්න පුළුවන් විදිහට ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න. මූලික වැටුප පමණක් ගෙවන්න...