(ඩයනා උදයංගනී)
සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට දිගින් දිගටම බාධා සිදුවීම ඔවුන්ගේ මෙන්ම සමාජයේ දියුණුවට ද බාධාවක් බැවින් තම ඉල්ලීම්වලට විසඳුම් සොයන අතරතුර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද යළි ආරම්භ කරන්නැයි ගුරුවරුන්ගෙන් හා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
යහපත් සංවාදයකින්, චේතනාවකින් හා සම්මුතියෙන් තොරව කිසිවක් ජයග්‍රහණය කළ නොහැකි බැවින් සුදුසු ක්‍රියාකාරී විසඳුමක් ලබාගැනීමට පිළිගත හැකි යාන්ත්‍රණයක් සකසා ගන්නැයි රජයෙන් හා ගුරු සංගම්වලින් ඉල්ලා සිටින බව ද රදගුරු සම්මේලනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති, ජේ. වින්ස්ටන් එස් ප්‍රනාන්දු බදුල්ල රදගුරුතුමන්ගේ සහ එහි මහලේකම් ජේ.ඩී ඇන්තනී ප්‍රනාන්දු අගදරගුරු පදවි සහයක රදගුරුතුමන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ටාලින් අධ්‍යාපන ආයතන විනාශ කරමින් ඉන්නවා. අනුර කුමාර දිසානායක තමන්ගේ දරුවා එංගලන්තේ යවල සතුටින් ඉන්නවා. විභාග ප්‍රතිපල එලියට දාන්න එපා කියපු එක්කෙනෙක් කොහෙද ළමයින්ගේ අධ්‍යාපනය ගැන හිතන්නේ.
ඔය විදියට ඉල්ලුවටනම් ගුරු නායකයෝ කැමති වෙන්නේ නෑ. ඔය සෙට් එක ඉස්කෝල ළමයින්ගේ දෙමවුපියන්ට බාර දෙන්න.
මෙයට ඇති එකම විසඳුම රැකියාවට නොඑන සියලු දෙනාම රැකියාව පැහැර ඇරියාසේ සලකන්න.
V8 ලාට හිතන්න වෙලාවක් නැතිව ඇති...!