(අංජුල මහික වීරරත්න)
දරුවන් පලිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම රටේ නීතිය අනුව බරපතල වරදක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කුඩා දරුවන් පෙළපාළිවලට රැගෙන යාම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ද ජනාධිපතිවරයා පොලිසියට උපදෙස් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ළමා අයිතිවාසිකම් සුරැකීම සහ ළමයින්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ අද (12) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමිනි.
ශ්‍රී ලංකා පොලීසියට සහ ළමා අයිතීන් සුරැකීම සම්බන්ධයෙන් වන ආයතනවලට දරුවන් සුරැකීම සම්බන්ධයෙන් වන වගකීම් පැවරීමට ද ජනාධිපතිවරයා මෙහිදී පියවර ගත්තේය.
විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජ
මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තා වීම වැඩිවීමේ අවදානම පිළිබඳව කරුණු සොයා බැලීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ කැඳවී
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දරුවන් පෙළපාළිවලට ගෙන යෑම බරපතළ වරදක්
mahesh menaka Wednesday, 12 October 2022 04:20 PM
කවුරු කවුරුත් අවංකව වැඩ කළා නම් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නෑ...
යෝගා Wednesday, 12 October 2022 04:27 PM
රතු මල්ලිලාගේ මැයි පෙලපාලිවලත් රතු යුනිෆෝම් අන්දගෙන පොඩි ලමයි එක්කන් ගියා මතක් උනා
sharm warn Wednesday, 12 October 2022 04:47 PM
මිනිස්සුන්ට පෙළපාලි යන්න පාර කපන එක වරදක් නෙවෙයිද?
Kumara Wednesday, 12 October 2022 05:54 PM
කට වහගෙන ඉන්න.
Gayantha Wednesday, 12 October 2022 05:58 PM
ළමයි ඉන්න කෙනෙක් එපැයි ළමයින්ගේ අගය දන්නේ... මෙයා පොලිසියෙන් ළමයින්ට ගහපු එක හොයන්නේ නැතුව... කාලකන්නි පිනාට ළඟදීම හම්බවෙයි ඕවා ඔක්කෝටම හරියන්න...!
සඳුන් Wednesday, 12 October 2022 06:17 PM
මහින්ද ළමයි වඩාගෙන ඡන්ද ගොඩ දාගත්තා. ඒත් මෙයාට එහෙමවත් පුරුද්දක් නෑ. ළමයව බිම අත අරිනවා ෂුවර්...
දාස Wednesday, 12 October 2022 06:26 PM
අනේ ඔහෙගේ ආදරේ ළමයින්ට තියෙන, හලෝ එදා ළමයි එක්ක අම්මලා ගියේ පෙලපාලි නෙමෙයි... ඔවුන් ගියේ අරගලයෙන් මිය ගිය අය සිහිකරන්න.
Rata Perata Wednesday, 12 October 2022 06:41 PM
ඔහෙලා වගේ පාලකයෝ නිසා දරුවන්ට නෙවෙයි.., අතදරුවන්ටත් එළියට බහින්නයි වෙලා තියෙන්නේ. කයිවාරුව නම් තියෙනවා...!
sena Wednesday, 12 October 2022 06:42 PM
කවුද පෙළපාලි ගියේ..? මළවුන් සිහිකරන්න ළමයි ගෙන යෑමේ වරද මොකක්ද?
fairoos Wednesday, 12 October 2022 06:45 PM
මෙයානම් දැන් හොඳටම බයවෙලා... ළඟදීම හොඳ කෑමක් හම්බවෙයි වගේ...
NIMAL Wednesday, 12 October 2022 06:56 PM
දරුවන් පෙළපාළිවලට ගෙන යෑම බරපතළ වරදක් මෙන්ම, විශේෂයෙන් ලෝක ළමා දිනයේදී පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළයුතුවේ...
SUNIL MILANO Wednesday, 12 October 2022 06:57 PM
ආතක් පාතක් නැති..., එළොවටත් නැති, මෙලොවටත් නැති ජෙප්පන්ගේ වැඩ තමයි. සල්ලි ලැබෙනවා නම් දෙමව්පියන් වුණත් පාවාදෙනවා. එහෙව් ජාතියක්...
Nandasena grThursday, 13 October 2022 05:46 AM
දැන් ඔය ලමයා අරන් ගිය තාත්තා ජෙප්පෙක්ද? ඔතන අවස්තාව සංවිධානය කරේ ජෙප්පෝ ද?ංං ඔතන තිබ්බෙ අරගලයක් ද? සිහි කිරීමක් ද? පොඩ්ඩක් ඔලුව අතගාලා බලන්න. පොඩියට උල් දෙකක් අහු වෙනවද කියලා.
Sas Wednesday, 12 October 2022 07:10 PM
මිනිසුන් මෙලෙස උද්ඝෝෂණ කරන්නේ ආසාවට නොවේ. හේතුවක් ඇති නිසායි. එම හේතුව නම් දරා ගත නොහැකි ජීවන වියදම, මූලික භාණ්ඩ වල උග්‍ර හිඟයක් පැවතීම හා දිනෙන් දින වැඩිවන වංචා හා දූෂණ නිසායි. ඵම හේතු විසඳා ජනතාවට සහන ලබා නොදී රනිල් හදන්නේ උද්ඝෝෂණ මැඩීමට අවශ්‍ය බොරු හේතු මවාපෑමට උත්සාහ කිරීමයි. ඵසේම පොලිසිය විසින් දරුවන්ට පහරදීම ගැන රනිල් කථා නොකරයි.
Sunil Wednesday, 12 October 2022 09:14 PM
ජනතාව පෙළපාලි යන තරමට රට කාබාසිනියා කිරීම් ඊටත් වඩා වැරද්දක්
Praba Wednesday, 12 October 2022 10:01 PM
පාරවල් ගානේ ළමයි වඩාගෙන හිඟා කනවා දැකලා නැද්ද?
ගමේ එකාලා Wednesday, 12 October 2022 10:26 PM
බල්ලෝ,බළල්ලු වගේ දෙමාපියන්ට තමුන්ගේ දරුවන්ව දාලා එන්ඩද කියන්නේ ? පින් ජනපති ඔය දේවල් ගැන දන්න එකක්යැ.
නිමේෂ් Wednesday, 12 October 2022 11:22 PM
දරුවන්ව උද්ඝෝෂණ පෙළපාලි වලට අරන් යන්න බැහැ කියලා ලංකාවේ වත් ලෝකේ කොහෙවත් නීතියක් නැහැ , මොකද ඒ මිනිස්සු යන්නේ යූද්දෙකට නෙමෙයි නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක මිනිසුන්ගේ භාෂණයේ, ප්‍රකාශනයේ අයිතිය නැති කරන්න බැහැ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ , කිසිම මහජන කැමැත්තක් නැති හොරු 134 දෙනෙකු විසින් ඇටවූ කෙනෙක් රටේ මහජනතාව ත්‍රස්තවාදීන්ට සමාන කිරීම .
wahaldeepe Thursday, 13 October 2022 12:12 AM
දරුවන් ගෙදර තියලා එන්නම් අපි එනකොට...
Rocky Thursday, 13 October 2022 05:58 AM
ඔබ පොහොට්ටුවන්ගේ ජනාධිපති වුනාට ජනතා ඡන්දයෙන් පත් වූ ජනාධිපති වරයෙකු නොවෙයි.
Demuni de Silva Thursday, 13 October 2022 06:53 AM
ජනාධිපතිතුමනි, ඔබට දන්වා ඇත; පෙළපාළියක් නොව සමරුවකි. !
udara Thursday, 13 October 2022 09:15 AM
මහලොකුවට ළමා අයිතීන් ගැන කතාව. රටේ ළමා මන්දපෝෂණය 2%කින් වැඩි වෙලාලු ඒ තරමට ළමයි ගැන හොයපු නිසා නේද? ඒවා හොයල ඒවාට විසදුම් දුන්න නම් ළමයි උස්සන් ඕවට එන්නේ නැ දෙමාපියෝ.
suduputhaa Thursday, 13 October 2022 05:53 PM
ආච්චිගේ රෙද්ද තමා