
(සුජිත් හේවාජුලිගේ )
මහනුවර පාසල් ක්‍රිකට් තරගයක්(බිග් මැච්) අතරතුරදී සිදුවූ රිය අනතුරකින් සිසුන් දෙදෙනකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා ලංකාදීපයට පැවසීය.
මෙම පරීක්ෂණයෙන් පසු පාසල් ක්‍රිකට් තරගවලට අදාළව විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
මෙය ඉතාමත් අවාසනාවන්ත සිද්ධියක් බවත් ඒ ගැන තමා අතිශයින්ම කණගාටු වන බවත් මධුර සෙනවිරත්න මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අධ්‍යාපනඥයන් කිහිප දෙනෙකු අප සමග පැවසුවේ පාසල් ක්‍රිකට් තරග(බිග් මැච්) ඇතැම් දරුවන් පිස්සුවක් බවට පත් කර ගැනීම බොහෝ අනතුරුවලට හේතුවී ඇති බවයි.
බිග් මැච් සහ නිවාසාන්තර ක්‍රීඩා තරග පැවැත්වෙන කාලවලදී දරුවන් මවුපියන්ගේ සහ ගුරුවරුන්ගේ පාලනයෙන් මිදෙන තත්වයක් බොහෝ දුරට පෙනෙන්නට ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
මේ අතර දරුවන් දවල් කාලයේදී පාසල් වලින් පිටතට නොයැවීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත.
කෙසේ වෙතත් පාසල් ක්‍රිකට් තරග සහ නිවාසාන්තර මලල ක්‍රීඩා තරග සාමාන්‍ය පරිදි පැවැත්වේ.
මේ අතර බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස, පාසල්වල අධ්‍යාපන චාරිකා සහ ඉන්ධන වැඩි වශයෙන් වැයවන උත්සව නතර කරන ලෙසට අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd