IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


දරුවන් දෙදෙනකු මිය ගිහින්

(රංජිත් රාපක්ෂ සහ ජවුෆර් ඛාන්)

නාවලපිටියේ දි සහ වාකරේ ප්‍රදේශයේ දි දරුවන් දෙදෙනකු සිදු වූ අනතුරු දෙකකින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

නාවලපිටිය මොන්ටික්‍රිස්ටෝ වත්තේ නව හැවිරිදි දරුවකු නිවෙසේ බැඳ තිබූ ඔන්ච්ල්ලාවකට ගෙල සිරවිමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.

නිවසේ සිටින වෙනත් පුංචි දරුවකුට බැඳ තිබූ ඔන්ච්ල්ලාවක සෙල්ලම් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. මේ අතර වාකරේ කට්ටමුරි කැලෑ ප්‍රදේශයේ බඳන තුවක්කුවක් පත්තු වී 14 හැවිරිදි දරුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මියගිය දරුවා තම ඥාතින් පිරිසක් සමග දඩයමේ යද්දි ඔවුන් රැගෙන ගිය බඳින තුවක්කුව පත්තු වි වෙඩි වැදී මෙම මරණය සිදුව ඇති බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් මියගිය දරුවා සමග දඩයමේ ගිය 24, 28 සහ 32 දෙහැවිරිදි තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

දරුවන් දෙදෙනකු මිය ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 615 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 757 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site