IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දරුවන් එළියට ගෙනියන්න එපා

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

අධික උණුසුම් සහගත කාලගුණය හේතුවෙන් දරුවන් විවිධ ක්‍රියාකාරකම් සඳහා  අනවශ්‍ය ආකාරයට  පාසල් පරිශ්‍රයෙහි අධික ලෙස හිරු එළිය වැටෙන ස්ථානවලට  රැගෙන යෑමෙන් වළකින්නැයි  ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව  කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

ක්‍රීඩා හෝ වෙනත් අත්‍යවශ්‍යම ක්‍රියාකාරකම් ගස් යට වැනි සෙවණ සහිත ස්ථානවල කරන ලෙසට ඉල්ලීමක් කරන විශේෂඥ වෛද්‍යවරයා එළිපහලියට දරුවන් රැගෙන යන සෑම අවස්ථාවකම ජලය වැඩිපුර පානය කිරීමට උපදෙස් දෙන ලෙසද  ඉල්ලා සිටියේය.

පාසල් පන්ති කාමරයෙන් එළියට යන සෑම අවස්ථාවකම තොප්පියක් පැළඳ   සුදු පැහැති කපු ඇඳුමක් ඇඳගෙන  ගමන් කිරීමෙන් තාප හානිය වැළැක්විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර අධික උණුසුම් සහගත කාලගුණ තත්ත්වය හේතුවෙන් විජලනය වැළැක්වීම සඳහා දරුවන්ට නිවෙසේ සිට  වැඩි වශයෙන් වතුර ගෙන යෑමට උපදෙස් දෙන ලෙස මවුපියන්ගෙන් ඉල්ලීමක් කරන බව පැවසූ දීපාල්  පෙරේරා මහතා දරුවන් අධික හිරු රශ්මියට නිරාවරණයවීමෙන් දැඩිතාප කම්පන තත්වයන්ට ගොදුරුවී  විවිධ බරපතළ ආබාධයන්ට පවා ගොදුරු විය හැකි බව  සඳහන් කළේය.

දරුවන්ට පාසල් පරිශ්‍රයෙන් පහසුවෙන් පානීය ජලය ලබා ගැනීමට මේ අවස්ථාවේ  පහසුකම් සැලසීමද ඉතා  වැදගත් බවත්  පාසල් පන්ති කාමරවලට හොඳින් වාතාශ්‍රය ලැබීමට සැලැස්වීමෙන්   උණුසුම අඩු  කරගත හැකි බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.



අදහස් (2)

දරුවන් එළියට ගෙනියන්න එපා

කලණ Thursday, 20 April 2023 06:12 PM

පාසල්වල හරියට ෆෑන් එකක්වත් නෑ ඩොක්ටර්

:       0       2

Bamunuarachchi Sunday, 23 April 2023 03:14 PM

ළමයි එළියට ගන්නවා නම් ළමයින්ගේ පිටේ ෆෑන් එක එක සවිකළොත් නේද හොඳ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site