(සුජිත් හේවාජුලිගේ)
දරුවන් අතරේ කොවිඩ් පැතිරීම වාර්තාගත ලෙස අඩුවී ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.
ඩෙල්ටා රැල්ල ආරම්භවීමත් සමග කොවිඩ් ආසාදිත දරුවන් 200කට වැඩි පිරිසක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලැබූ බවත් එම රෝගී දරුවන් සංඛ්‍යාව 50 ක් දක්වා පහළ බැස ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.
කොවිඩ් ව්‍යාප්තිය අඩුවෙමින් පැවතුණත් දරුවන් රැකබලා ගැනීම සඳහා වැඩි අවධානය දිගටම යොමු කළ යුතු බව දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳ ප්‍රවනතාවයක්. තමන්ගේ දරුවන්ට එන්නත දෙන්න ඉස්සෙල්ලා, මේ තත්වයත් දෙමාපියන් හිතලා බලන්න...
මේ කරන්නේ තනිකරම බොරුවක්. කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්... මේක බටහිර බෙහෙත් ජාවාරමක්...
මට නම් ඔය දත්ත ගැන ඒ හැටි විශ්වාසයක් නැහැ. මොහුත් කාලෙන් කාලෙට එක එක ගණන් කියනවා.. අනේ මන්දා.
වැඩි ප්‍රතිචාරයක් ලැබී ඇත්තේ දරුවන්ට එන්නත ලබාදිය යුතු බවටයි. නමුත් ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට රට විවෘර්ත කිරීමටත් සූදානම් බව ජන මාධ්‍යයන් වල පලවූවත්, 2021 සැප්තැම්බර් 26 වන අද දින වන විටත් පාසල් දරුවන් එන්නත් කිරීමට කිසිදු පියවරක් අරන් නැත්තේ, දරුවන් අතරේ කොවිඩ් පැතිරීම වාර්තාගත ලෙස අඩු වී ඇති නිසාද ? පාලකයින්ගේ ක්ශණික ප්‍රතිචාර බලාපොරොත්තු වෙමි.