ගයාන් සූරිය ආරච්චි

15 හැවිරිදි පාසල් සිසුවකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියකු අත්අඩංගුවට ගැනීම සඳහා පමුණුගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

සැකකරු පදිංචි ගම්පහ ප්‍රදේශයේ නිවසකදී එම සිසුවාට බරපතල ලිංගික අපයෝජන සිදුකර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අපයෝජනයට ලක්වූූ සිසුවාගේ ඥාතීන් විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇත.

පමුණුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.