
(සුජිත් හේවාජුලිගේ )
රජයේ පාසල්වල සිසුන් ප්‍රමාණය පසුගිය වසර හයේදී තුන් ලක්ෂ තිස් දෙදහස් අසූ හතරකින් (332084) කින් අඩුවී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තාවලින් පෙනී යන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතු කෝරළ මහතා පැවසීය.
රජයේ පාසල්වල 2018 වර්ෂය වනවිට ළමයින් 4214772ක් සිටියද පසුගිය වර්ෂය වනවිට එම සංඛ්‍යාව 3882688ක් දක්වා පහත බැස තිබූ බවද ඔහු කීවේය.
මේ අතර රජයේ පාසල් ප්‍රමාණයද එම කාල සීමාවේදී 79කින් අඩුවී ඇතැයිද ඔහු සඳහන් කළේය.
රජයේ පාසල් 10175ක් පසුගිය 2018 වර්ෂයේදී පැවැති නමුත් 2023 වර්ෂය වන විට එය 10096ක් දක්වා අඩුවී තිබූ බව පවසන මහාචාර්යවරයා පාසල්වල ගුරුවරුන් සංඛ්‍යාවද පසුගිය වසර හයේදී 9547 කින් අඩුවී ඇතැයි ප්‍රකාශ කළේය.
ගුරුවරුන් 2018 වර්ෂයේදී 247334ක් සිටි නමුත් එම සංඛ්‍යාව 2013 වර්ෂයේ දී 237787ක් දක්වා පහත බැස තිබූ බව හෙතෙම කීය.
කෙසේ නමුත් පෞද්ගලික පාසල් සංඛ්‍යාව එම කාල සීමාවේදී පහළොවකින් වැඩිවී ඇතැයි පැවසූ වසන්ත අතුකෝරල මහතා 2018 වර්ෂය වන විට තිබූ පෞද්ගලික පාසල් 80 පසුගිය වර්ෂය වන විට අනූපහක් දක්වා වැඩි වී තිබූ බවද සඳහන් කළේය.
මේ අතර ළමයි පනහට අඩු පාසල් 2018 වර්ෂයේදී 1480ක් තිබිණ. ගිය වර්ෂය වන විට එම සංඛ්‍යාව 1506ක් දක්වා වැඩිවී තිබූ බවත් ළමයින් 51-100 අතර පාසල් 2018 වර්ෂයේදී 1530 ක් තිබුණ නමුත් පසුගිය වර්ෂය වන විට එම සංඛ්‍යාව 1638 ක් දක්වා ඉහළ ගොස් තිබූ බවත් අතුකෝරල මහතා පැවසීය.
දරුවන් දෙසියට අඩු පාසල් 2018 වර්ෂයේදී 5138ක් තිබූ අතර ගිය වර්ෂය වනවිට එම සංඛ්‍යාව 5262ක් දක්වා ඉහළ ගොස් තිබූ බවද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තාවල සඳහන් වන බව මහාචාර්යවරයා කීවේය.
ආර්ථික සමාජීය වෙනස්වීම් මෙන්ම ජන සංක්‍රාන්තියේ වෙනස්වීම්ද මේ තත්වයට හේතුවන්නට ඇතැයි සමාජ විද්‍යාඥයෝ විශ්වාසය පළ කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට කමක් නැහැ නේද? පෙට්‍රල්, ගෑස් පෝලිම් නැති කරානේ...
පහුගිය කාලේ ජවිපෙත් එක්ක එකතුවෙලා කරපු උද්ඝෝෂණ වල ප්‍රතිඵල තමයි. අනිත් එක මේ ආකාරයට රට හැරයාම් නිසා, පුද්ගලික පාසල් නිසා පාසල් වලට ළමයි අඩුවෙන හා පාසල් වැහෙන කාලයේ වෙනත් කිසිඳු ඵලදායි නිර්ණායකයෙක් නැතිව සෑම කිලෝමීටර් තුනකට එක පාසැලක් එක මොන්ටිසෝරියක් හදනවා කියලා අනුර කුමාර ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දාලා තියෙනවා. එහෙම වුණාම හබරණ කැලේත් හම්බන්තොට දුෂ්කර පළාත්වල මිනිසුන් අඩු පළාත්වලත් කිලෝ මීටර් තුනෙන් තුනට පාසල් ඇරියාම කොහොමට තියෙයිද? මෙන්න මොවුන්ගේ ආර්ථික දැක්ම අපූරුයි. මේ වගේ දේවල් වලට තමයි මෝඩ හරක් රැවැටිලා තියෙන්නේ...!
අහන්න දෙයක් නැහැ... මොකද රජයේ සේවයේ ගුරුවරු, විදුහල්පතිලා හැමදාම උද්ඝෝෂණ පිකටින් හා වර්ජනයේ ඉන්නවා. දරුවන්ට අධ්‍යාපනය දෙන්න කෙනෙක් නැහැ... පාසල් පැවැත්වීම කළා වුණත් දරුවන්ට ටියුෂන් යන්නම වෙනවා එහෙම නම් පුද්ගලික පාසල් වලට ගියාම දඹුලුත් ගිහිල්ලා තලගොයිත් මරාගෙන එනවා වගේ අධ්‍යාපනය කරගෙන මුදලුත් ඉතිරි කරගන්න පුළුවන් වෙනවා...
දැනට පවතින තත්ත්වය මෙය වුණත් මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා. සෑම කිලෝමීටර් තුනක දුරකින්ම පාසලක් හා මොන්ටිසෝරියක් ඇති කරනවා කියලා. කිසිඳු සාධාරණ නිර්ණායකයකින් විද්‍යාත්මක පදනමකින් තොරව මේ වගේ මැතිවරණ පොරොන්දු දෙන ආකාරය දිහා බැලුවාම මේ ඉදිරි සැලසුම් සහ ආර්ථික ප්‍රතිපත්ති ඇති දැක්ම හොඳින්ම පැහැදිලි වෙනවා. මේ වගේ කිසිම විද්‍යාත්මක පදනමකින් තොරව හදපු පොරොන්දු පත්‍රයකට සහ බොරු ගොඩකට තමයි අපේ මිනිස්සු රැවටිලා ඉන්නේ...!
ගුරුවරු උද්ඝෝෂණ කරන එක නෙවෙයි හේතුව. අපේ රටේ අධ්‍යාපනය අදට ඕන විදිහට පරිවර්තනය නොවීම සහ දුර්වල අධ්‍යාපන ප්‍රතිපත්ති. රටේ අවාසනාවට කිසිම දැක්මක් තිබුණු දේශපාලුවෙක් හිටියේ නෑ මේක කරන්න. ළමයි ලක්ෂ 3ක් ඉස්කෝලෙ යන්නේ නෑ කියන්නේ තව හිරගෙයක් හදන්න වෙයි. පුළුවන් ශ්‍රී ලංකා.
මංජුල ප්‍රදීප් කියන මහත්මයට දේවල් තේරෙන හැටි තමයි, කිමීටර තුනකට මොන්ටිසෝරි හදනවා කිව්වාම, කැලෑවල්වලත් ඒවා හදනවා කියලා හිතනවා, එහෙම තැන්වලට අනවශ්‍ය බව අමුතුවෙන් කිය යුතුද? කියන්නම දෙයක් නැති කල ගහන මඩ, අනෙක රටේ සේරම අවුල ජවිපෙ, මෙච්චරකල් රට කරවපු අයගේ කෙරුවාව ගැන කතා නැහැ.