(ඉන්දිකා රාමනායක)
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී 16 හැවිරිදි තරුණියක පිළිස්සී මිය යාමේ සිද්ධියට අදාළව රිෂාඩ් බදුයුදීන් මහතාගේ බිරිඳ ඇතුළු තිදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව බොරැල්ල පොලිසිය පවසයි.
සෙසු දෙදෙනා අතර බදියුදීන් මහතාගේ බිරිඳගේ ඥාතියකු සහ නිවසේ රියදුරකු වූ වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
විශේෂ පොලිස් කණ්ඩායමක් අද එම නිවසට ගොස් දැරිය රැඳී සිටි කාමරයේ ඇතුළු නිවස පරීක්ෂාවට ලක් කර තිබිණි.
දැනට මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව ඇතුළු 15 දෙනකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව කර ගත් බව පොලිසිය පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ද ප්‍රධාන සැකකාරියන්ගෙන් ප්‍රකාශ ගන්නේ...? පොලිසිය ඇමැතියයි, ඔහුගේ ගෝලබාලයෝ ටිකයි පන්නලා දාන්නේ නැතුව හරියන්නේ නැහැ. මට පේන විදිහට මුලු ආණ්ඩුවම ගෙදර යවන්න කාලේ හරි වගේ. ඇත්තටම අපිත් ඡන්දෙ දුන්නා මුන් හරියට කරයි කියලා.. කාටත් කියන්නේ ආයේ මොනම හේතුවක් නිසාවත් මේ අයට ඡන්දය දෙන්න යන්න එපා...
මේ දරුවා පුච්චලා හෝ පිච්චිලා දැනට සති 2ක් විතර වෙනවා. අද තමයි බොරැල්ල පොලිසියට මතක් වෙලා තියෙන්නේ ඒ ගෙදර ඉන්න අයගෙන් ප්‍රකාශ ලබා ගන්න. ඒ දරුවා හිටපු කාමරයත් පරීක්ෂා කළාලු. බලන්න දේවල් ඉතිරි කරලාම ඇති නේද?. අනේ මෙහෙමත් පොලිසි තියෙනවානේ...
ඇයි ප්‍රකාශයක් විතරක්...? ඇයි අත්අඩංගුවට නොගන්නේ? මොකද්ද මේ පෙන්වන නාටකය? බදුර්දීන්ව බ්ලැක්මේල් කිරීමක්ද? දකුණේ නැතිවෙන සිංහල ඡන්ද වෙනුවට බදුර්දීන්ගේ සහාය හොඳින් හෝ නරකින් ලබාගැනීමේ උත්සාහයක්ද? ඇයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහඬ? ඇයි පොලිස් ඇමති නිහඬ?
වෙන කවුරු හරි නම් ප්‍රකාශ ගන්නේ හිරේදී නේද?