(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාර්ගගත අධ්‍යාපනය ලබාදෙන අතරවාරයේදී 15 හැවිරිදි දැරියකගේ නිරුවත් ඡායාරූප ගෙන්වා ගත් බව කියන උපකාරක පන්ති ගුරුවරයකු පානදුර දිග්ගල දී අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.
සිද්ධියට මුහුණ පෑ දැරිය පෙති වර්ගයක් ශරීර ගත වීමෙන් පසු රෝගාතුරව රෝහල් ගත කර ඇත
දැරියගේ මව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට දුරකථනය කරන ලද පැමිණිල්ලකට අනුව එහි උපදෙස් අනුව පිලියන්දල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර විද්‍යා විෂය උගන්වන ගුරුවරයා අත්අඩංගුවට පත්ව තිබේ.
කොළඹ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන දැරිය මෙම වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිට ඇති අතර වැඩිදුර අධ්‍යාපනය සඳහා සැකකාර ගුරුවරයා උගන්වන මහරගම උපකාර පන්තියකට යොමු කර තිබූ බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.
කොරෝනා වසංගත තත්ත්වය මත පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් මාර්ගගත අධ්‍යාපනය ඔස්සේ විද්‍යා විෂය අධ්‍යාපනය ලබා දෙන අතරතුර මෙම දැරියට වෙනත් කාන්තාවගේ උඩුකය නිරුවත් ඡායාරූප සහ වෙනත් ඡායාරූප ඒවා ඒ ආකාරයෙන් ඒම දැරියගෙ උඩුකය නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන ඇතැයි පොලිසිය කරන ලද මුලික පරීක්ෂණවලින් අනාවරණය වි ඇති.
35 හැවිරිදි සැකකාර ගුරුවරයා විවාහක දරුවන් ද සිටින තැනැත්තෙක් බවත් පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම නීතියට වාර්තා වන සිද්ධි ප්‍රමාණය බොහෝම අල්පයි. බොහෝමයක් සිද්ධි කාලයේ වැලි තලාවෙන් වැසිලා යනවා. අප සිටින්නේ සිතාගන්නවත් බැරි සමාජ සහ ආර්ථික පරිහාණියක් එක්ක... දෙමව්පියන් උමතුවෙන් වගේ මුදල්, වස්තුව, සමාජයේ පිළිගැනීම වගේ දේවල් පසුපස දිව යනවා. දරුවන් ලොකු මහත් වෙන්නේ හුදකලාව, කිසි අවධානයක්, කිසි දැක්මක් නැතිව, බොහොම හිස් විදියට. දරුවන් අතර සහ දරුවන් සම්බන්ධ වූ විවිධාකරයේ ඇබ්බැහි වීම්, අයථා සම්බන්ධතා, අපයෝජන වගේ දේවල් අහස උසට වැඩි වීම පුදුමයක් නොවේ.
මොහුට කැළෑ නිතිය වඩාත්ම සුදුසු යන්න අපගේ අදහසයි. තවද පුද්ගලික පන්ති පවත්වන රජයේ ගුරෙක්ද යන්න දැනගැනුමට කැමැත්තෙමු.
ජෝශෆ් ස්ටාලින්ට කිව්වනම් වැඩේ ගොඩ…!
ජෝශප් ස්ටාලින්, වෘත්තීය ක්‍රියාමාර්ගයකට යයිද දන්නේ නැහැ, මේවට උද්ඝෝෂණ නැද්ද
අසහනකාර ගුරුවරුන්ගෙන් මොනතරම් දේවල් සිද්ද වෙනවයි කියලද. ඒ හැම දේම ප්‍රසිද්ධ නොවෙන එකයි ප්‍රශ්නේ? ගුරු උද්ගෝෂණ මෙහෙයවන සංගමේ ලොක්කටවත් මේවා පේන්නේ නැති හැටි .