
ඉන්දියාවේ 15 වැනි ජනාධිපති ලෙස ද්‍රෞපදී මුර්මු අද (25) උදෑසන දිවුරුම් දුන්නාය. හමුදා උත්තමාචාර මැද, මුර්මුගේ දිවුරුම්දීම සිදුවූයේ උදෑසන 10.15 ට, ඉන්දීය අගවිනිසුරු එන්.වී. රාමනා ඉදිරියේය.
ජනපති ධුරයෙන් සමුගන්නා රාම් නාත් කෝවින්ද්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි ඇතුළු බොහෝ දෙනෙක් එම අවස්ථාවට සහභාගී වූහ.
දිවුරුම් දීමෙන් පසු පළමු නිල ට්විටර් පණිවුඩය නිකුත් කරමින් ජනාධිපතිනිය ඉන්දියානුවන් සැවොම ආමන්ත්‍රණය කළේ ‘ජොහාර් නමෂ්කාර්‘ යනුවෙනි. තම රාජකාරි නිසි ලෙස සම්පූර්ණ කිරීමට ඉන්දියානුවන් සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව ජනපතිනිය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් විය.
64 හැවිරිදි ද්‍රෞපදී මුර්මු ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ ‘සන්තාල්’ ගෝත්‍රිත කාන්තාවකි. භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් මුර්මු දේශපාලන නායිකාවක බවට පත් වූයේ ‘සන්තාල්’ ගෝත්‍රය යෝජනය කරමිණි.
ඒ අනුව, ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත් වුණු පළමු ගෝත්‍රික කාන්තාව වන්නේ මුර්මුය.ප්‍රතිභා පාතිල්ගෙන් පසු, ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත් වුණු දෙවැනි කාන්තාව වන්නේ ද මුර්මුය.
ද්‍රෞපදී මුර්මු 1947 ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසු උපන් අයෙකු වන අතර, නිදහසින් පසු උපන් කෙනකුට ඉන්දීය ජනාධිපති ධුරයට පත් වුණු පළමු අවස්ථාවද මෙයයි. ඉන්දීය ජනාධිපති ධුරයට පත් ළාබාලතම පුද්ගලයා වන්නේ ද මුර්මු ය. ද්‍රෞපදී මුර්මු උපත ලබා ඇත්තේ 1958 ජූනි 20 වැනිදාය. ඒ අනුව යැයි ද පැවැසෙයි.
ඉන්දීය ජනාධිපතිවරයාගේ ධුර කාලගය වසර 5 කි. ජනාධිපතිවරයා තෝරා ගැනීම සිදුවන්නේ මහජන ඡන්දයෙන් නොව පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ඡන්දයෙනි.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
510
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ද්‍රෞපදී මුර්මු දිවුරුම් දෙයි
ganegoda Monday, 25 July 2022 01:16 PM
ශ්‍රී ලංකාවාසී අපිත් ඔබතුමියට ‘‘සුබ ආරම්භයකට‘‘ සුබ පතනවා.