(ජයන්ත සමරකෝන්)
අගුණකොළ පැලැස්ස හා බූස්ස බන්ධනාගාරවල වෙසෙන විශේෂ ගණයේ රැඳවියන්ගේ නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීම සඳහා සවිකර ඇති දුරකතන සංඥා අවුල්කිරීමේ යන්ත්‍ර හේතුවෙන්, එම ප්‍රදේශ අවට ගම්වාසීන්ගේ ස්ථාවර සහ ජංගම දුරකතන ක්‍රියා විරහිත වී ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදාළ බන්ධනාගාර අවට වෙසෙන ප්‍රදේශවාසීන් ඊට එරෙහිව පෙත්සමත් සමකස් කරගෙන යන බවද පැවසේ.
එම බන්ධනාගාරවල සිට අවට කිලෝමීටර් එකහමාරක් පමණ දුරක් ආවරණය වන ප්‍රදේශවල දුරකතන සංඥා අවුල්කිරීමේ යන්ත්‍රවල බලපෑමට හසුවී ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් ආසන්න ගම්වාසීන්ට කිසිදු ඇමතුමක් ලබාගැනීමට නොහැකි වී ඇතැයිද දැනගන්නට තිබේ.
මෙම බන්ධනාගාරවල විශේෂ ගණයේ රැඳවියන් විශාල පිරිසක් රඳවා සිටීම හේතුවෙන් ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත මෙම සංඥා අවුල්කිරීමේ යන්ත්‍ර සවිකරනු ලැබුවේ මීට මාසයකට පමණ පෙරය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට කමක් නෑ. ඒ යන්ත්‍ර නම් ගලවන්න එපා කිසිම හේතුවක් මත.. රටේ මෙච්චර ජීවිත නැති වුනේ, කුඩු බෙදුවේ ජංගම දුරකතන හරහායි.
මේවා හරියට අතීසාරයට අමුඩෙ ගහනවා වගේ වැඩ.. මේ අයට බන්ධනාගාර ඇතුලෙ වෙන දේවල්, ඒවා තුළට ජංගම දුරකථන සිම්පත් කුඩු ගංජා ආදිය ගෙන යන එක පාලනය කරගැනීමට හරිහැටි වැඩපිළිවෙළක් නැහැ...
ඉලෙක්ට්‍රෝනික් ඉංජිනේරුවන් ගෙන්වා, එම යන්ත්‍රවල සැර අඩුකරලා දාන්න. ඉවත් කරන්න එපා...
ඉලෙක්ට්‍රෝනික් ඉන්ජිනේරුවන් ගෙන්වා එම යන්ත්‍රවල සැර අඩුකරන්න. යන්ත්‍ර ඉවත් කරන්න නම් එපා. (පාතාලයින් නිසා අපිටත් ලංකාවේ ඉන්න නැතිවෙනවා.) ගැමියන්ගේ දුරකතන සමාගම්වලට දැනුම් දුන්නත් සමහර විට විසඳුමක් දේවි. කිසිම ලෙසකින්වත් එම යන්ත්‍ර ඉවත්කරන්න එපා.
ජනතාවගේ පෟෙද්ගලික දුරකථන අැමතුම් ලබාදීම සහ ලබාගැනීමට තිබෙන අවස්ථා අවහිර කිරීමට විරුද්ධව මූලික මිනිස් අයිතිවාසිකම් යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් ඒ පිළිබඳව සිදුවූ පාඩු වෙනුවෙන් වන්දි ලබා ගැනීමේ කටයුතු සිදුකළ හැක. මෙයද 19 වන අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යටතේ ඔබ ලබාගත් ජයග්‍රහණයකි.