(චමිල් රූපසිංහ)
දරු මිණි බිරියන් සිටියත් විවාහ නොවු පවුල් 19 ක විවාහ කර විවාහ සහතික ලබාදිමේ වැඩසටහනක් යටිනුවර ප්‍රාදේශිය ලෙකම් කාර්‍යාලය විසින් යටිනුවර කුරුගම ගම්මානයේදි සිදු කරණු ලැබීය.
මෙහිදි මව පියා හා දරුවකුද එකම දිනයේදි විවාහ වි ලියාපදිංචි සහතික ලබා ගැනිම විශේෂ සිද්ධියක් විය.
මෙම වැඩ සටහන යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 158 ගුරුගම ග්‍රාම නිලධාරි වසමේ කුරුගම ගම්මානයේදි සිදුකරනු ලැබිය.
ගුරුගම ග්‍රාම නිලධාරි වසමේ කුරුගම ගම්මානයේ ජීවත් වන දමිළ පවුල් අතරින් චාරිත්‍රානුකූලව විවාහ වූවත් නීත්‍යානුකූලව විවාහ නොවූ යුවලවල් 19 ගේ විවාහ ලියාපදිංචි කීරීම මෙහිදි සිදුවිය.
කුරුගම ශ්‍රී මුරුගන් කෝවිලේ දී කුරක්කල් සොමේශ් පූජකතුමා විසින් චාරිත්‍ර සිදුකරමින් අනතුරුව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා මුලිකත්වයෙන් මෙම පවුල් 19 සදහා විවාහ සහතික පිරිනැමිම සිදුකල අතර තේ කර්මාන්තය ආශ්‍රිතව දිවි ගෙවන මොවුන් හට විවාහ ලියාපදිචි සහතික නොමැති වීම නිසා අර්ථසාධක අරමුදල් හා රජයේ කිසිදු වර්ප්‍රසාදයක් ගැනීමට නොහැකි තත්වයක් නොමැතිව මොවුන් ජීවත් වී ඇති අතර.මුණුබුරන් සිටින දෙමාපියන්ටද විවාහ සහතිකයක් නොමැත.
මේ අවස්ථාව සදහා මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා,යටිනුවර ප්‍රාදේශීය ලේකම්තුමා හා සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ සහභාගිත්වයෙන් සිදුකෙරිනි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දරු මුණුපුරෝ එකම දා යුග දිවියට
ganegoda Friday, 16 December 2022 11:48 AM
ගමේ, රටේ තියෙන ජීවන ප්‍රශ්නවලට පිළිතුරු හොයාගත්තා නම් මේවා ඉබේම සිදුවෙනවා නේද? මොනවද මේ විකාර?