
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවේ සංචාරය කිරීමේ ප්‍රධාන අරමුණ දරු ප්‍රසූතිය සිදු කිරීම යැයි හැඟෙන සංචාරක වීසා අයැදුම්කරුවන්ගේ අයැදුම්පත්‍ර කොන්සියුලර් අංශය විසින් ඉදිරියේදී ප්‍රතික්ෂේප කරනු ලබනු ඇතැයි මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය පසුගියදා ප්‍රකාශ කළේය.
දෙමාපියන් තම දරුවාට ඇමෙරිකාවේදී ප්‍රසූතිය ලබාදී තම දරුවාට ඇමෙරිකානු පුරවැසිභාවය ලබාදීම සඳහා ලෝකය පුරා සිටින ඇතැම් දෙමාපියන් ඇමෙරිකාවේ සංචාරය කිරීමට උත්සාහ කරන බවත් එයට අවසර නොමැති බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පැවැසුවේය.
ඇමෙරිකාවේදී තම දරුවාට ප්‍රසූතිය ලබාදීමට යාමේදී විදේශ දෙමාපියන් ඇමෙරිකානු රජයේ වෛද්‍ය සහාය ලබා ගන්නා බවත් විදේශික දෙමාපියන්ගේ දරු ප්‍රසූතිය සඳහා ඇමෙරිකානු රජය වියදම් කරන මුදල දැරීමට සිදුවන්නේ ඇමෙරිකානු බදු ගෙවන්නන්ට බවත් තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය. අවසානයේදී විදේශීක දෙමාපියන් සිය දරු ප්‍රසූතිය සිදුකර ඇත්තේ ඇමෙරිකානු බදු ගෙවන්නන්ගේ මුදලින් බවත් තානාපති කාර්යාලය පැවැසුවේය.
ඒ හේතුවෙන් ඉදිරියේදී ඇමෙරිකාවේ සංචාරය කිරීමේ ප්‍රධාන අරමුණ දරු ප්‍රසූතිය සිදු කිරීම යැයි හැඟෙන සංචාරක වීසා අයදුම්පත්‍ර කොන්සියුලර් අංශය ප්‍රතික්ෂේප කරනු ඇතැයි මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ගියාම මේක පුදුම ලෝකයක්...!