IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දරු දුක උසුලන තල්මස් මවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

තම පැටියා මියගිය වේදනාව දරා ගැනීමට නොහැකිව මළ සිරුර හිස මත තබා ගෙන පිහිනන තල්මසෙක් පිළිබඳ පුවතක් අද(03) විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ටෙල්ක්වා ලෙස ප්‍රසිද්ධ මෙම තල්මස් මවගේ පැටියා අලුත් අවුරුදුදා මියගොස් ඇති බවත් තම පැටියා මියගිය වේදනාව දරා ගැනීමට නොහැකිව කෙසේ හෝ බේරාගන්නා අදහසින් ඇය පෙරේදා(01) සිට සිය පැටියා ඔලුවේ තබාගෙන පිහිනන බවත් වොෂිංටන්හි තල්මසුන් පර්යේෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

ටෙල්ක්වා ඇයගේ පැටියා සමග පසුගිය 20 වැනිදා පළමුවරට නිරීක්ෂණය වූ බවත් එම අවස්ථාවේ පැටියා ජීවතුන් අතර සිටි බවත් තල්මසුන් පර්යේෂණ මධ්‍යස්ථානය පැවැසුවේය. නමුත් පෙරේදා(01) ටෙල්ක්වා සිය පැටියාගේ මළ සිරුර ඔලුවේ තබාගෙන සියැටල් මුහුදේ පිහිනන අයුරු ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයේ පර්යේෂකයන් ඡායාරූප ගත කර ඇතැයි තල්මසුන් පර්යේෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

මියගිය තම පැටියා ඔලුවෙන් තල්ලු කරමින් ටෙල්ක්වා පිහිනන බව මේ වනවිට තහවුරු වී ඇතැයි පර්යේෂණ විද්‍යාඥ බ්‍රැඩ් හැන්සන් පැවැසුවේය. පැටියාගේ මළ සිරුර ගිලීමට යනවිට මුහුදේ කිමිදී නැවතත් තම පැටියාගේ මළ සිරුර මුහුද මතුපිටට රැගෙන එන බවද ඔහු ප්‍රකාශ කළේය. ටෙල්ක්වා සිය පැටියා ඔලුවෙ තබාගෙන පිහිනන්නේ ශෝකය ප්‍රකාශ කිරීමක් ලෙස විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

මීට පෙරද 2018 වසරේදී ටෙල්ක්වාට පැටියෙක් අහිමිවී ඇති බවත් එම අවස්ථාවේ ඇය අඛණ්ඩව දින 17 ක් පැටියාගේ සිරුර හිසෙන් තල්ලු කරමින් කිලෝ මීටර 1000 ක් පමණ පීනා ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. තම පැටියාගේ මළ සිරුර ඔලුවෙන් තල්ලු කරමින් පිහිනන දර්ශනය දුටු බොහෝ සත්ව විද්‍යාඥයින් ඇයගේ මවු සෙනෙහස දැක කම්පාවට පත්වූ බවද ඔහු පැවැසුවේය.



අදහස් (0)

දරු දුක උසුලන තල්මස් මවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site